Aug
27

ත්‍රීවිල් එකකින් තමයි ඇවිත් 15 හැවිරිදි ඔන්ලයින් පෙම්වතියව පැ හැ රගෙන ඇවිත් 18 කොල්ලෙක් කරපු වැඩේ, පොලිසියේදී එළියට ආපු ඇදහිය නො හැකි කතාව මෙන්න

 
1340 Views
   
 

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබමින් සිටින අතරේ හඳුනාගත් 18 හැවිරිදි පෙම්වතා තම මව සමඟ ත්‍රිරෝද රථයකින් 15 හැවිරිදි පෙම්වතියගේ නිවෙසටම පැමිණ ඇය පැ හැ ර ගෙන ගොස් ඇති අතර ඊට අදාළව සැ ක පි ට අ ධිකරණය හමුවට පමුණුවනු ලැබූ එම පෙම්වතා හා ඔහුගේ මව සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් ධම්මික උඩුවෙවිතාන මහතා නියම කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලෙස නියම වූයේ කළුතර කිතුලාවේ පදිංචිකරුවන් වූ ගුලවිමගේ නිශාන්ත නිරෝශන සහ මුරුගේසු කල්ලි යන දෙදෙනා යි. බා ල වයස්කාර දැ රි ය ක් මවුපිය භාරකාරත්වයෙන් අප හරණය කිරීම සම්බන්ධයෙන් හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මවටත් එ රෙහිව දොඩම්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

දොඩම්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සි සු වි ය වූ මෙම දැ රි ය පැ හැ ර ගෙන යෑම පිළිබඳව ඇගේ මව කර තිබූ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැ ක කාර පෙම්වතා සහ ඔහුගේ මව අ ත් අඩංගුවට ගෙන තිබූ අතර දැ රි ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගෙඩ මහ රෝහලට යොමුකර තිබුණා.දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත අප පොලිස් පරීක්ෂක සෝමරත්න මහතා විසින් මෙම සැ ක කරු හා ඔහුගේ මව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මව්බිම

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්