Aug
11

කාර් මිල අහස උසට නගී, ප්‍රිමියෝ කෝටි 2කටත් වැඩියි, ත්‍රීවීලර් ලක්ෂ 20ටත් ළඟයි, ස්කූටර් ලක්ෂ 05යි

 
975 Views
   
 

මෙරට වෙළෙඳපොළ තුළ මෝටර් රථ ඉතා විශාල වශයෙන් මිල ඉහළ ගොස් තිබේ.

මෙරටට මෝටර් රථ ආනයනය ත හ න ම් කර තිබීමත් තවත් වසරක කාලයක් ඉක්මවන තෙක් ආනයනය තහනම ක්‍රියාත්මක කිරීමත් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවටයි කරුණු වාර්තාවන්නේ.

පාවිච්චි කරන ලද මෝටර් රථ 100% ඉක්මවූ මිල ගණන්වලට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ නිරීක්ෂණවලින් පෙනී යයි.

2019 වර්ෂයේ ප්‍රිමියෝ රථයක් මේ වනවිට අලෙවි වන්නේ රුපියල් කෝටි දෙක ඉක්මූ මිලකටයි.

එම වසරේ ඇක්සියෝ රථයක් ලක්ෂ 120 ඉක්මවා ඇති අතර වසර 15 ඉක්මවා පැරණි ඇක්සියෝ රථයයේ ලක්ෂ 65 ඉක්මවා මිලකට අලෙවි වෙයි.

වසර පහක් පමණ පැරණි වන ‘විට්ස්’ රථයක්ද ලක්ෂ 90 පමණ මිලකට නම් කර ඇත.

වසර තුන හතරක් පැරණි වැගන්ආර් රථයක් ලක්ෂ 65ක සීමාවේ පවතී.

මේ අතර වසර තුන හතරක් පැරණි ත්‍රිරෝද රථයක් ලක්ෂ 16-17 මිල ගණන්වල පවතී.

සාමාන්‍ය යතුරු පැදියක් ලක්ෂ හතර පහ සීමාවේ පවතින අතර ස්කූටර් රථද එම මිල ගණන් ඉක්මවා අලෙවි වෙමින් ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්