Jan
31

අළුතෙන් එන ගොඩක් අය ෆීල්ඩ් එක විනාශ කරලා තිබෙන්නේ

 
524 Views
   
A lot of newcomers have ruined the field  

නිරූපණ ශිල්පිනියක් වන සුදර්ශිකා කාලයක් පුරාවට නිරූපණ තුළින් දක්නට ලැබුණේ නැහැ. ඇගේ විවාහයෙන් පසුව ඇය තාවකාලිකව නිරූපණයට සමුදුන්නා. නමුත් මේ වනවිට ඇය නැවත නිරූපණයට එකතු වී තිබෙනවා. ඉතින් මෙවර සාරවිට කතාබහකට ඇයව සම්බන්ධ කරගැනීමට අප සිතුවා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම සුදර්ශිකා ධර්මසිංහ. මගේ ගම අම්බලන්ගොඩ. මම නිරූපණ ශිල්පිනියක් විදිහට අවුරුදු හතක් පුරාවට ක්ෂේත්‍රයේ වැඩ කරනවා.

නිරූපණ ගමනේ ආරම්භය ගැන කතා කරමු?

පුංචි කාලේ ඉඳලා ආසාවක් තිබෙනවා. මම පාසැල් යනකොට තමයි මුලින්ම බ්‍රයිඩ්ල් ෂෝ එකකට මට ආරාධනා ලැබුණේ. ඒක මගේ ගමේ අක්කා කෙනෙක් නිසා. ඒ බ්‍රයිඩ්ල් ෂෝ එකේදි මම උඩරට මනාලියක් විදිහට හැඩවුණේ. ඒකේදි අපි ප්‍රථම ස්ථානය දින්නා. එතනින් පස්සේ ලොකු ආසාවක් ආවා. නමුත් ඒ කාලේ ඉගෙනගන්න නිසා ගෙදරින් ඉඩ දුන්නේ නැහැ. ඊට අවුරුදු තුන හතරකට විතර පස්සේ තමයි එකදිගටම වැඩ කරන්න පටන්ගත්තේ. ඒ කාලේදි මම රූපලාවන්‍ය පාඨමාලාවකුත් හැදෑරුවා.

දැන් ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මුල් කාලේදී ගෙදරින් අකමැති වුණා. නමුත් මගේ තීරණය නිසා ලොකු අවුලක් වුණේ නැහැ. දැන් නම් හොඳ සහයෝගයක් දෙනවා. දැන් මගේ සැමියාත් මට විශාල සහයෝගයක් දෙනවා. විවාහයෙන් පස්සේ සහ අපේ බබා හම්බුණාම මම කාලයක් නිරූපණ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියා. මගේ සැමියා තමයි ආයෙත් මට වැඩ කරන්න කියලත් කිව්වේ.

ඔබ දායක වී තිබෙන නිර්මාණ?

බ්‍රයිඩ්ල් ෂූට්, ෆොටෝෂූට්වලට දායක වෙලා තිබෙනවා. මියුසික් වීඩියෝවලට දායක වෙලා තිබෙනවා. වෙළඳ දැන්වීම් නම් කරලා නැහැ.

රංගනයෙන් ආරාධනා ලැබිලා නැද්ද?

තියෙනවා. හර්ෂ උඩකන්ද අයියාගේ ෆේස් ටු ෆේස්, පෝරිසාදයා, කොළඹ සන්නිය රිටන්ස් වැනි චිත්‍රපටවලට රංගනයෙන් දායක වුණා. එතකොට ඇලඩින් සහ පුදුම පහන චිත්‍රපටයේ රංගනයට සම්බන්ධ වුණා. ඒ වගේම මෙඩිසිනා, ආටක නාටක වැනි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. ලංකාවේ ඉන්දියන් ටෙලි නාට්‍යයක් කළා Good karma hospital කියලා. ඒකටත් රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

අද නිරූපණ ක්ෂේත්‍රය තිබෙන්නේ කොතැනද?

ඇත්තටම ගොඩක් දුක හිතෙනවා. අළුතෙන් එන ගොඩක් අය ෆීල්ඩ් එක විනාශ කරලා තිබෙන්නේ. ඒ නිසා ගොඩක් අය ෆීල්ඩ් එක ගැන දකින්නේ වැරදි විදිහට. ෆීල්ඩ් එකේ හොඳ අයත් ඉන්නවා. නරක අයත් ඉන්නවා.

මේ කාලයේදී ඔබට ලැබුණු         අත්දැකීම් කොහොමද?

අත්දැකීම් නම් ගොඩක් ලැබිලා තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අමාරුයි. මම ගොඩක් කොටට අඳින කෙනෙක් නෙවෙයි. නමුත් ගොඩක් වැඩ එන්නේ අපි කොටට අඳිනවා නම්. ඒ නිසා මට වැඩ එනවා අඩුයි. ඒ නිසා මට ගැලපෙන දේවල් කරගෙන ලැබෙන දේවල් කරගෙන ඉන්නවා.

පවුලේ වැඩ කටයුතු සමග නිරූපණ කටයුතු කරන්නේ කොහොමද?

බබාට දැන් මාස අටයි. මගේ හැමදේටම සහයෝගය දෙන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් එයා නිසා මට නිරූපණ කටයුතුයි බබාගේ වැඩයි පවුලේ වැඩයි ඔක්කොම සමබරව කරගෙන යන්න පුළුවන්.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ලැබෙන ආරාධනාවලට දායක වෙනවා. අළුතෙන් බාරගත්තු නිර්මාණ නැහැ. බ්‍රයිඩ්ල් ෂූට් කිහිපයක්ම බාරගත්තා. රටේ තිබෙන තත්ත්වය එක්ක ඒවාත් කල් ගියානේ. මම කේක් ව්‍යාපාරයක් පටන්ගෙන තිබෙන්නේ. ඒ වගේම ඉදිරියේදී රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරන්න බලාපොරෝත්තු වෙනවා

උදව් කළ අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ සැමියා සහ පවුලේ අයව. එතකොට අම්බලන්ගොඩ ප්‍රදීපිකා මෙන්ඩිස් මහත්මියව සහමගේ මුල්ම ෂූට් එක කරපු සංජය වෙලගෙදර අයියාව මතක් කරන්න ඕනේ. තව නම් වශයෙන් කියන්න බැරි ගොඩක් අය ඉන්නවා. ඒ හැමදෙනාටම ස්තූතියි කරනවා.

කැළුම් දේවින්ද

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්