Aug
1

COVID එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව ලෝකයේ පලමු වෙනි ස්ථානයට පත් වී තිබෙනවා

 
1173 Views
   
 

ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සහාය ඇතිව පර්යේෂණ කණ්ඩායමක් වන “අපේ ලෝකය තුළ දත්ත” ( Our World in Data) යන විද්‍යාත්මක මාර්ගගත ප්‍රකාශනයක් මගින් කොවිඩ් -19 එන්නත් ලබා දීමේ ප්‍රගතිය අතින් ශ්‍රී ලංකාව පලවෙනි ස්ථානයට පත්ව ඇති බව සටහන් කරයි.
පුද්ගලයින් 100 දෙනෙකුට ලබා දෙන දෛනික කොවිඩ් -19 එන්නත් මාත්‍රාව” තුළ හොඳම ප්‍රගතියක් පෙන්නුම් කර ඇති රට ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව විසින් මේ වන විට කොවිඩ් -19 එන්නත් මාත්‍රාව 9,178,909 කට ලබා දී ඇති අතර 2,063,809 ක ජනතාවකට පූර්ණ එන්නත ලබා දී ඇත. ඒ අනුව මිලියන 10 ක් ඉක්මවා එන්නත් ලබා දී අවසන්ය.

ඒ අනුව ඉලක්කගත එන්නත්කරණ වැඩසටහනට අනුව පලවෙනි එන්නත 70% කටද දෙවෙනි එන්නත 15% කට ද ලබා දී අවසන්ය. ( ඉලක්කය ජනගහනයෙන් 60% කි) මේ වන විට දිනකට ලක්ෂ 05 ක් ඉක්මවා වාර්තාගත එන්නත්කරණයක් සිදුකරමින් ඇත.

මෙය අහඹුවෙන් ලැබුනු එන්නත් ප්‍රමාණයක් නොවේ. ඇස්ට්‍රාසනිකා එන්නත ලබා ගැනීමට නො’හැකි යැයි විපක්ෂය පාරම් බාද්දි ජපාන අග්‍රාමාත්‍යතුමා හා පෞද්ගලිකව සම්බන්ධ වී එම හිඟ එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට ජනාධිපතිතුමා සමත් විය.

ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළ සියළුම එන්නත් වර්ග මෙරටට ගෙන ඒමට සමත් වී ඇත. අද වන විට එන්නත් එක්කෝටි හතළිස් පන් ලක්ෂයක් ( 14,500,000 ) එන්නත් මෙරටට ගෙනැවිත් අවසන්ය.

ඒ තවමත් ලෝකයේ රටවල් හතරක් එකදු එන්නතක්වත් ලබා නො’ගෙන ඇති පසුබිමකය.
එහෙත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය, ඊ නි යා වෘත්තීය සමිති සහ දෙමළ ඩ ය ස් පෝරාව විසින් මෙම කාර්යය කඩාකප්පල් කරමින් ඇත. ඔවුන් ව ර් ජන රැල්ලක් දියත් කරමින් වෛරසය බෝ කරමින් රටම වසංගතයක් බවට පත් කරමින් ඇත. මේ සියලුම බා ධ ක සහ අභියෝග මැද ගෝඨාභය රාජපක්ෂ නම් විශිෂ්ඨ නායකයා නිහඬව තම රාජකාරිය මැනවින් ඉටුකරමින් ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්