Oct
25

පුතුගේ දෙවනි ගමන දවසේ පියා ලේලියගේ මව සමඟ මධුසමයේ…

 
11214 Views
   
 

සිය පුත්රයා මනමාලියක රැගෙන ගෙට ගෙවදින දා අතුරුදන් වූ පියෙකු පිළිබඳව පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ නිල්වලා ගං මිටියාවත ආරම්භ වන කඳුකර ප්රදේශයේ ගම්මානයකිනි.

එය සැකෙවින් මෙසේයි.

තම පුතුට ගැළපෙන විවාහයක් සොයා කපුවන් සමඟ ඇවිදින මේ පියාට කලින් සඳහන් කල ප්රදේශයේ ප්රභූ පවුලක රූමත් දියණියක් ගැන තොරතුරු අසන්නට ලැබුණි.

පුතා සමඟ එහි ගිය පියාට කපු මහතා කලින් පැවසූ සැබැවින්ම රූමත් දියණිය මුණගැසුණු අතර පියාත් නොමැති ඇය මව සමග සිටින බවත් මව දැඩි සේ දුක් විඳ ඇය ලොකු මහත්කොට උගන්වා හොඳ රැකියාවක් ලබා දී ඇති බවත් දැනගන්නට ලැබුණි.

දරුවා ඇති දැඩි කිරීමට තමා ගත් වෙහෙස ඇය කීවේ කඳුළු පිසිමිනි. පියාටද දුකක් ඇති වූ හෙයින් ඔහු පුතාට කීවේ මේ කටයුත්ත කර ගන්නා ලෙසටය.

පසුව දෙපිරිසම ඊට එකඟවී මංගල උත්සවය මහ ඉහළින් ගන්නට විය. මනාලයගේ පියා ගෙවල් දෙකෙහිම උත්සව කටයුතු කළේ මහත් උනන්දුවෙනි.

මධුසමයෙන් පසු මනාලයාගේ නිවසට අලුත් ජෝඩුව පැමිණිදා පියා මනාලයාගේ පියා එහි නොවූයෙන් මනාල පුත්රයා විමතියට පත් වුවත් ඔහුගේ මව “ඔය මනුස්සයාගේ වැඩේ එහෙ මෙහෙ දුවන එකනේ” යැයි පවසමින් තව දුරටත් ඒ ගැන වද නොවීය.

කෙසේ නමුත් ඒ අවස්ථාවේදී කලබලයට පත් මනමාලිය තම මවට ඇමතුමක් ගත්තාය.

“කලබල වෙන්න එපා දුවේ පුතාගෙ තාත්තා මෙහෙ ඉන්නවා” යැයි කීමෙන් මවගේ හැටි දන්නා දියණියට “හත්දෙයියනේ” කියවුණාලු.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්