Jun
1

අපේ බබා හම්බ වුණාට පස්සෙ එයාගෙ වැඩ ඔක්කොම කරන්න ඕනෙ එයාගෙ තාත්ති තමයි

 
913 Views
   
After-our-baby-is-born,-his-dad-has-to-do-all-the-work-for-him  

චතූ රාජපක්‍ෂ, මේ දිනවල ප්‍රේක්‍ෂකයින් අතරට එන්නේ, ‘බන්ධනා’’ නාට්‍යයෙ …ප්‍රධාන චරිතයකිනිඊට අමතරව සුරංග ද අල්විස්ගෙ නවතම සිනමා නිර්මාණය වන ‘‘ගේම්’’ (GAME) චිත්‍රපටයෙ චරිතයකටද ඇය දායකව සිටින්නීය. ‘‘ගේම්’’ චිත්‍රපටය මේ මාසයේ සිට තිරගත වීම් ඇරඹීමට නියමිතය.

චතූ කොහොමද ජීවිතේ මේ දිනවල?

හැමදාම වගේ සතුටින් හොඳින් කාලය ගත කරනවා. අලුතින් වැඩ කීපයක් ආරම්භ කළා.

මොනවද ඒ වැඩ?

මේ දිනවල විකාශය කෙරෙන බන්ධනා සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ සුසුම් රස්තියාදුව, ගයාන් ඉන්දිකගෙ නිහඬ ගිර, චනික පෙරේරාගෙ පස් කියන ඩ්‍රාමා එකෙත් වැඩ ඉවරයි. ඒවා විකාශයට නියමිතයි. මෙච්චර කාලයක් පුංචි තිරයෙන් තමයි චතූ රාජපක්‍ෂව ප්‍රේක්‍ෂකයා අතරට ආවෙ. මැයි 20 ඉඳලා දිවයින පුරා සිනමා ශාලාවලදී රිදී තිරයෙන් චතූ රාජපක්‍ෂව දැකබලා ගන්න පුළුවනි.

කියමුකො බලන්න ‘‘බන්ධනා’’ චරිතය ගැන?

එය නිෂ්පාදනය සහ රචනය බුද්ධිනි ජයවර්ධන අක්කගෙ. අධ්‍යක්‍ෂණය තිසුල දීප තඹවිට. මම එහි ප්‍රධාන චරිතය වන බන්ධනා. ඒ හැර ලක්මි කියන චරිතයත් නිරූපණය කරනවා.

ඒ කියන්නෙ ද්විත්ව චරිතයක්?

ඔව්. රංගන ජීවිතයේ මේ වගේ ද්විත්ව චරිතයක් ලැබූ පළමු අවස්ථාව. ඉතින් හරිම සතුටුයි. ඒක අභියෝගයක්.

‘‘බන්ධනා’’ මොන වගේද?

ඉතාමත් අහිංසක කාන්තාවක්. ලක්මි දඟකාර කටකාර යුවතියක්. ඒ චරිත දෙක එකකට එකක් වෙනස්. මේ වන විටත් සීමිත කොටස් කිහිපයක් විකාශය වෙලා ඉවරයි. ලැබෙන ප්‍රතිචාර නම් ඉතා ඉහළයි.

ඒ කියන්නෙ චතූගේ වාසනාව පෑදිලා? පින පෑදිලා?

ඔව්. එහෙම කියන්න පුළුවනි. රංගන ජීවිතයේ මගේ දක්‍ෂතා පෙන්වන්න ලැබුණු හොඳ අවස්ථාවක්. බන්ධනා නාට්‍යයේ විශ්ව කොඩිකාර, හිරාන් යට්ටෝවිට, බුද්ධික ජයරත්න, පියුමි බොතේජු, කුසුම් රේණු, මොරින් චාරුණි යන ප්‍රවීණයින් එක්ක රඟපෑමට ලැබීමත් වාසනාවක්. මගේ අක්කා සහ අයියා ලෙස රඟපාන්නෙ පියුමි බොතේජු සහ බුද්ධික ජයරත්න.

මේ දක්වා විකාශය වූ කොටස්වලින් මතකයේ රැඳි දෙබසක් කියමුද?

‘‘අපේ බබා හම්බ වුණාට පස්සෙ එයාගෙ වැඩ ඔක්කොම කරන්න ඕනෙ එයාගෙ තාත්ති තමයි’’ මෙහෙම කිව්වෙ ලක්මි.

බන්ධනාගෙ දෙබසකුත් කියමු?

ආසාවයි – ආදරයයි කියන්නෙ එකක් නෙවෙයි ෂෙහාන්, ඒ දෙක දෙකක්.

හරි අපි දැන් කතා කරමු චතුගෙ ප්‍රථම සිනමා රංගනය ගැන?

මේක මගේ තෙවන චිත්‍රපට අත්දැකීම. මේ දක්වා චිත්‍රපට තුනක රඟපාලා තියෙනවා. එයින් මුලින් තිරගත වන්නෙ ‘‘ද ගේම්’’ චිත්‍රපටය. මේ චරිතයට මාව තෝරා ගත්ත සුරංග ද අල්විස් මහතාට මගේ ස්තූතිය. ඔහු නිර්මාණය කළ වෙනස්ම චිත්‍රපටයක් මේක. රිදී තිරයේ සුපිරි තරුව රන්ජන් රාමනායකගේ නංගි ලෙස රඟපාන්න ලැබීමත් වාසනාවක්. පුංචි කාලයේදී ගෙදර අය එක්ක ෆිල්ම් එකක් බලන්න ගියාම රිදී තිරයෙ දැකපු වීරයා රන්ජන්. ඒ වගේ ප්‍රවීනයකු එක්ක රඟපාන්න ලැබීම, ඔහු සමග ළඟම චරිතයක් ලැබීම පුදුම වාසනාවක්. ඒ වගේම තමයි, එහි මගේ පෙම්වතා ලෙස රඟපාන ජනිත් වික්‍රමගේ ගෙත් සහයත්, මගේ අම්මා ලෙස රඟපාන නිල්මිණි කෝට්ටගේ මහත්මියගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළයි. මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයින් නිතර ඇසුවෙ කවදද රිදී තිරයෙන් බලාගන්න පුළුවන් කියලා? ඔන්න එහෙම නම් මැයි 20 වැනිදා සිට ‘‘ද ගේම්’’ නරඹන්න කට්ටියම සූදානම් වෙලා ඉන්න. ‘‘ද ගේම්’’ අපේ රටේ සිනමාවේ ලොකු ගේමක් ගහාවි. මේ අවස්ථාවේ රන්ජන් අයියත් අපි එක්ක හිටියා නම් පුදුම සතුටක් දැනේවි. ඔහු අපේ හොඳ සහෝදරයෙක්. මම දැකපු ඉතාම හොඳ ගතිගුණ තියෙන, හොඳ හදවතක් තියෙන මිනිහෙක්. ළඟදීම අපි ද ගේම් ටීම් එක ඔහුගේ සැප දුක් විමසන්නත් යන්නයි හිතාගෙන ඉන්නෙ. රන්ජන් අයියාට ඉක්මණින් නිදහස ලැබී, අපි එක්ක ෆිල්ම් එකත් නරඹන්න ලැබේවි කියලා ප්‍රාර්ථනා කරනවා.

‘‘ද ගේම්’’ ඔබගෙ චරිතයෙ නම?

චතූ නානායක්කාර. හරිම කටකාර, දඟකාර, නිතරම අයියාගෙ විවාහය ගැන කරදර කරමින්, අයියා එක්ක රණ්ඩු කරන නංගී කෙනෙක්.

‘‘ගේම්’’ කතාව කෙටියෙන්ම කිව්වොත්?

ආදරය, වේදනාව, හිමිවීම, අහිමිවීම, සිනහව, කඳුළු ගැන සියල්ල මුසුවූ හොඳ චිත්‍රපටයක්.

හරි ‘‘චතු’’ ගෙදර ජීවිතේ කොහොමද?

රටේ ප්‍රශ්නවලටත් මුහුණ දීගෙන ගෙදර වැඩත් හොඳින් කරගෙන යනවා. ගෙදර වැඩවලට සැමියා දර්ශන උදවු කරන නිසා, මට ලොකු පහසුවක් වෙලා තියෙනවා. මගේ රංගන ජීවිතයට එයා ලොකු හයියක්.

 

දර්ශනතලයට යනකොට ඔයාගෙ සුරතලුත් අරන් යනවා කියන්නෙ ඇත්තෙ?

මගේ සුනඛ සුරතලා හරිම හුරතල්. ඉතින් එයා ගේනකල් අනෙක් අයත් බලන් ඉන්නවා.

‘‘චතූ’’ දැන් නිව්ස් නිවේදිකා වෘත්තියට සමුදීලද?

දැනට සිරසෙ ප්‍රධාන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට කාන්තා නිවේදිකාවන් යොදා ගන්නෙ නැහැ. ඉදිරියේ කොහොම වේවිද දන්නෙ නැහැ. කෝවිඩ් එක්ක නතර වූ පසු එහෙමම නතර වුණා. පසුගිය දිනවල ස්වර්ණවාහිනියෙ අවුරුදු වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරන්න ගියා. ඒවාට ලැබුණෙ හොඳ ප්‍රතිචාර. නිවේදනය අත් හරින්න අදහසක් නැහැ. නිවේදනයට රංගනයට එක වගේ ආසයි.

වෙන මොනවටද ආසා?

රංගනය, නිවේදනයට තමයි. ලොකු ලොකු හීන චතූට නැහැ. රංගනයේදී ගැමි චරිතයක් රඟපෑමට ආසාවෙන් ඉන්නෙ.

‘‘චතූ’’ ශිල්පා ෂෙට්ටි වගේ හැඩවෙන්න, ආසලු ඇයි ඒ?

එහෙමම ආසාවක් නැහැ. මම අඳින පළිඳින – හැඩවෙන විදියට සමහර අය කියනවා. ඒත් මම එහෙම දෙයක් දකින්නෙ නැහැ. මම ආස මම වගේ කියනවට.

ද ‘‘ගේම්’’ චිත්‍රපටයේ දෙබසකින් අපි මේ පිළිසඳර නිමා කරමු?

‘‘එනවකො අද ගෙදර… අම්මට මං කියන්නම් ඔක්කෝම’’ කියලා මම අයියාට කියනවා.

සටහන/ඡායාරූපසඳුන් ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්