
ලබන 08 වැනි දා යාල ජාතික වනෝද්‍යානය විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ, ප්‍රංශ නාවික හමුදා සාමාජකයින් පිරිසක් මෙරටට පැමිණීම හේතුවෙනි. එදිනට පමණක් ජාතික වනෝද්‍යානය විවෘත කර තබන්නැයි දැනුම් දී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
එම නාවිකයින්ගේ සංචාරක කටයුතු සියල්ල සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදුවන බව ද එම නිලධාරීයා කියා සිටියේය. මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් නාවික හමුදාව පැවසුවේ, ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවය. එහෙත්, දෙරටේ නාවික හමුදා සමග කිසිදු පුහුණු සැසියක් ක්‍රියාත්මක නොවන බව ද නාවික හමුදාව ප්‍රකාශ කළේය.