Oct
25

රිස්වාන්ව බදාගෙන ජයග්‍රහණයට සුබ පැතූ කෝලි, මාධ්‍ය හමුවේ දී කෝප වෙයි

 
922 Views
   
 

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ දී ඉතිහාසය අලුත් කරමින් ඉන්දියාව පරදා පෙරළිකාර ජයක් ලැබීමට පාකිස්ථානය ඊයේ (24) සමත් වුණා.

ආරම්භයේ සිට ම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර පසමිතුරන්ගේ මෙම තරගය දැකබලා ගැනීම සඳහා අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගනය දෙරටේ ප්‍රේක්ෂනයින්ගෙන් පිරී ඉතිරී ගියා.

තරගයේ පාලනය ආරම්භයේ සිටම සියතට ගැනීමට බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්ථාන ක්‍රීඩකයින් දැඩි උත්සාහයක් දැරූ අතර එයට අගනා සහයක් ලබාදුන් ෂාහින් ශාන් අෆ්රිඩි ප්‍රමුඛ පන්දු යවන්නන් ඉන්දීය ඉනිම පන්දුවාර 20 තුළ ලකුණු 151කට සීමා කළා.

ජයග්‍රාහී පිළිතුරු ඉනිම ඇරඹු පාකිස්ථාන පිතිකරුවන් ලකුණු 152ක ඉලක්කය ඉතා පහසුවෙන් හඹා ගියේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා එක්ව ඉන්දීය පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින්.

ඉන්දීය පන්දු යවන්නන්ගේ ආක්‍රමණයන් කිසි ලෙසකින්වත් ගණනකට නොගත් මොහොමඩ් රිස්වාන් සහ නායක බාබර් අසාම් පන්දුවාර 17යි පන්දු 05ක් තුළ  සිය කණ්ඩායම ඉතා සුරැකිව ජයග්‍රහණය සඳහා රැගෙන ගියා.

තරඟයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි පාකිස්ථාන නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ට ඔවුන් ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කළ අයුරු මේ වනවිට ක්‍රිකට් ලෝකය පුරා දැඩි කතාබහක් මතු වූ සිදුවීමක් ව තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී විරාත් කෝලිගෙන් විමසීමට මාධ්‍යවේදීන් අමතක කළේ නැහැ.

මේ අතර එම මාධ්‍ය හමුවේදී ඊට එක්ව සිටි මධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට විරාත් කෝලි කෝපයට පත් වන ආකාරය දක්නට ලැබුණා.

එහිදී මාධ්‍යවේදියා ඔහුගෙන් විමසා සිටියේ නවසීලන්තය සමඟ තරගයේ දී රෝහිත් ශර්මා බංකුවේ හිඳුවා ඔහු වෙනුවට ඉෂන් කිෂාන් කණ්ඩායමට එක්කර ගන්නව ද යන්නයි.

එම ප්‍රශ්නයට තරමක් කෝප වූ කෝලි එහිදී පවසන්නේ “ඔබට අර්බුදයක් ඇති කිරීමට අවශ්‍ය නම් කරුණාකර මට කලින් කියන්න, එහෙම වුණොත් මට ඒ අනුව පිළිතුරු දිය හැකිය”යනුවෙන්.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන කෝලි මාධ්‍යවේදියාගෙන් විමසා සිටියේ රෝහිත් ශර්මා බංකුවේ හිඳුවා ඔහු වෙනුවට ඉෂන් කිෂාන් කණ්ඩායමට එක්කර ගැනීම ගැන ඔබගේ මතය කුමක් ද යන්නයි.

ඔබ රෝහිත් ශර්මා ජාත්‍යන්තර 20-20 පිටියෙන් ඉවත් කරනවාද ? ඔහු ක්‍රීඩා කළ අවසන් තරගයේදී ඔහු කළ දේ කුමක්ද යන්න ඔබ දන්නවද ? යනුවෙන් කෝලි අදාල මාධ්‍යවේදියාගෙන් වැඩිදුරටත් විමසා සිටියා.

මද සිනහවක් පාමින් කෝලි අවසානයේ කියා සිටියේ එය ඇදහිය නොහැකියි දෙයක් බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්