Jun
8

මත් පැන් විකිණීමට අවසර ලබාදීම පිළිබඳව පැහැදිලි කිරීමක්

 
1874 Views
   
 

දිවයිනේ ක්‍රියාත්මක වන ආරක්ෂිත හා සුරක්ෂිත පළමු මට්ටමේ හෝටල (Safe and Secure Level 1 Hotels) තුළ නේවාසිකව සිටින විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා එම සංචාරකයින් නවාතැන් ගෙන සිටින කාලසීමාව තුළ එම හෝටල සඳහා නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට සීමිත අවසරයක් ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා.

සංචාරක අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීමකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් ප්‍රකාශ කළේ. මෙම අවසරය මේ වන විට දිවයින පුරා පනවා ඇති සංචරණ සීමාවන් බලපවත්වන කාලසීමාවට පමණක් අදාළ වන පරිදි ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටක් සඳහන්.

මෙම අවසරය එම හෝටලවලට පිවිසෙන දේශීය සංචාරකයින් හෝ අමුත්තන් සඳහා අදාළ නොවන අතර, එම අවසරය අනුව අදාළ හෝටල ක්‍රියාත්මක විය යුත්තේ සෙසු සෞඛ්‍යාරක්ෂක උපදෙස්වලට අනුකූලව පමණක් බවට ද උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම අවසරය අනුව සිය බල ප්‍රදේශය තුල පිහිටි සංචාරක හෝටල් සම්බන්ධයෙන් අධීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා ඒ ඒ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්හට දැනටමත් උපදෙස් ලබා දී ඇති බව සඳහන්. මෙම ආරක්ෂිත හා සුරක්ෂිත පළමු මට්ටමේ හෝටල (Safe and Secure Level 1 Hotels) පිළිබඳ නාම ලේඛනය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිල වෙබ් අඩවිය ( sltda.gov.lk ) මගින් ප්‍රසිද්ධ කොට ඇති අතර, ඒ අනුව දිවයින පුරා විසිර පවතින සංචාරක හෝටල 82 ක් පමණක් එම නාම ලේඛනයට ඇතුළත්. අදාළ නිවේදනය පහතින්.

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්