Nov
13

“මැණිකේ මගේ හිතේ ගීතයේ ඔරිජිනල් ගීතයේ මියුසික් වීඩියෝවේ පෙනී සිටින්නෙත් මමයි”

 
1732 Views
   
 

කසුන් තාරක කියන්නේ ‘මල් පිපෙන කාලේ’ ටෙලි නාට්යයේ අහිංසක දඟකාර චණ්ඩි ආදරණීය බන්ටි. බන්ටිට දැන් ගොඩක් දෙනාගේ ආදරය හිමිවෙලා. ඒ අතරින් බන්ටිට වැඩියෙන්ම ආදරය කරන්නෙ පුංචි දරුවන් සහ යෞවනියන් කියලයි අපිට ආරංචියකුත් ලැබුණේ. දවසින් දවස ඔබේ ලෝකයට පිවිසෙමින් හිඳින මේ යෞවනයා ගැන අපත් ටිකක් හොයා බැලුවා. 

කසුන්ගේ ගම් පළාත කොහෙද? 

මගේ ගම නාවලපිටිය. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මාරම මාර හීනයක් තිබුණා නළුවෙක් වෙන්න. මම ගොඩක් ආස වුණේ ඉගෙන ගන්න ගමන් නළුවෙක් වෙන්න. ඒකට මම විවිධ උත්සාහයන් දැරුවා. අපේ අම්මයි තාත්තයි නම් කිව්වෙ ඕක හරියන්නෙ නැහැ ඉගෙන ගන්න කියලා. මොකද අපි කොළඹින් දුර පළාතක නිසා වැඩවලට එන්න වගේම අවස්ථා හොයාගන්නත් පහසු නැති නිසා.

දුෂ්කරතා බාධක එද්දි කසුන්ට තිබුණ තරු සිහිනය වෙනස් වුණේ නැතිද?

ආපහු හැරෙනවා නම් ආපහු හැරිලා ගමට යන්න හිතෙන තැන් මේ කෙටි කාලෙදි මම අත් නොවින්දා නොවෙයි. ඒත් මම හිතුවා මට කවදා හරි අවස්ථාවක් ලැබෙයි කියලා. විශේෂයෙන්ම මගේ එකම සහෝදරයාටත් ලොකු අරමුණක් තිබ්බා මාව කවදා හරි මගේ අරමුණ වෙත රැගෙන යන්න. අයියා තමයි මම වැඩවලට කොළඹ එද්දි උදේ පාන්දරින් මාව බස් එකට ඇරලන්නේ. රෑ වෙලා නාවලපිටියට යද්දි මං බස් එකෙන් බහිනතුරු නිදි වරාගෙන බස් නැවතුමට වෙලා ඉන්නෙ.

01.

අහම්බෙන් නළුවෙක් නොවී පෙරුම් පුරලා අරමුණ හොයාගෙන යන එක ගැන මොකද හිතන්නෙ?

ඒක දුෂ්කරයි. හැබැයි මම ආසම කරන අරමුණ කරා යන ගමනක් නිසා ඒ හැම මතකයක්ම මට සුන්දරයි. මම ඒ දුක් කරදර ටිකකට ආදරෙයි.

නාවලපිටියෙ ඉඳන් නළුවෙක් වෙන්න හිතාගෙන ආපු කසුන්ට ලැබෙන පළමු රංගන අවස්ථාව ගැන සඳහන් කරනවා නම්?

මල් පිපෙන කාලෙ බන්ටිගෙ චරිතය තමයි මට හිමිවුණ පළමු රංගන අවස්ථාව. තුෂාර සර් තමයි මට මේ චරිතයට කතා කළේ. සිය දහස් ගාණක් පරීක්ෂණයට ඇවිත් හිටියා. ඒ අතරින් මට අවස්ථාව හිමිවුණා. මම වගේ ආධුනිකයෙක්ට මේ අවස්ථාව ලබාදුන් ලක්සිරි සර්, චරිත් සර්, ගයාත්රි අක්කා, තුෂාර සර් මේ හැමෝම ලබාදුන් අවස්ථාව ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා.

මේ රංගනයේ පළමු අවස්ථාව වුණත් රසික රසිකාවියන් අතර ඔබ දන්න කියන කෙනෙක් නේද? 

ඔව්, මට ෆොටෝ ෂූට් ලැබුණා. ඒ වගේම මියුසික් වීඩියෝවල නිරුපණයේ යෙදෙන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. මීට අවුරුදු දෙකක විතර ඉඳන් මම මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙනවා. සංදේශ් බණ්ඩාර අයියා නිෂ්පාදනය කළ, රුක්ෂානා දිසානායක අක්කගේ ගීතයක් වෙනුවෙන් නිර්මාණය කළ මියුසික් වීඩියෝවකින් තමයි මම මුලින්ම එන්නේ. මේ දිනවල අතිශයින්ම ජනප්රිය මැණිකේ මගේ හිතේ ගීතයේ ඔරිජිනල් ගීතයේ මියුසික් වීඩියෝවේ පෙනී සිටින්නෙත් මමයි.

02.

අනාගතය වෙනුවෙන් දකින හීන මොනවද?

මම දැනට රංගනය ඉගෙන ගනිමින් රඟපාන ආධුනිකයෙක්. රංගනයේ යෙදිලා ටෙලි නාට්ය ක්ෂේත්රයෙ අත්දැකීම් ලබාගෙන සිනමාවට එන්න ආසාවක් තියෙනවා. රංගනයේ යෙදෙන අතරම නිදහසේ කරන්න පුළුවන් වෘත්තියක නියැළෙන්නත් අදහසක් තියෙනවා.

අනාගතයේ බොහොම කාර්යබහුල වෙයි නේද?

ඇත්තටම මම ගොඩක් වැඩ කරන ගොඩක් කාර්යබහුල කෙනෙක් වෙන්න කැමති නැහැ. අපිටත් කියලා පෞද්ගලික ජීවිතයක්, නිදහසක් තියෙන්න ඕනනේ. මම කැමතියි ජීවිතය සාමාන්ය විදිහට ගෙනියන අතරේ වැඩ කරන්න.

කසුන්ගේ ආදරය ගැන අපට කිව්වොත්? 

දැන් මට පෙම්වතියක් නැහැ. ඉස්කෝලෙ යන කාලෙ නම් පාසල් වියේ පෙම් කතා නොතිබුණා නෙවෙයි. මම දැන් ගොඩක්ම පෙම් කරන්නේ සොබාදහමට. මම ඉපදුණ නාවලපිටියේ පරිසරයට ආදරය කරමින් පරිසරය රසවිඳින කෙනෙක්. 

03.

යුවතියකගේ ආදර ඇරයුමකට කසුන්ගේ හිතේ ඉඩක් තියෙනවාද? 

මම ගමේ විදිහට සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ ජීවිතයත් හරි සරලයි. මම ආදරය කරන්න කැමති මම වගේ සරල විදිහට හිතන කෙනෙක්ට. නළුවෙක් විදිහට තිරයේ දකින මාව හිතින් මවාගෙන මට ආදරය කරන කෙනෙක්ට හැබෑ ජීවිතයේ ඉන්න කසුන් තාරකව තේරුම් ගන්න බැහැ. හැබෑ ජීවිතයේ මාව තේරුම් අරන් මම කැමති සරල දිවියට ඇළුම් කරන කෙනෙක්ට මම කවදා හරි ආදරය කරයි. ඒක කවදා කාට ආදරය කරයිද කියලා දැන්ම කියන්න බැහැ. හැබැයි නිළියක් නම් මගේ පෙම්වතිය වෙන එකක් නැහැ.

පවුලේ විස්තර කියනවා නම්? 

අපි පදිංචි වෙලා ඉන්නේ නාවලපිටියේ. අපේ පවුලෙ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි, නංගියි. අපේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරනවා. අම්මා ගෘහණියක්. මම අධ්යාපනය ලැබුවේ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලෙන්. ටෙක් විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරුවා. මේ වෙද්දි පූර්ණකාලීනව රංගනයට යොමුවෙලා ඉන්නේ. 

 

ධම්මිකා සුරංජි පතිරණ

04.

05.

06.

07.

08.

09.

10.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්