Sep
12

ම ත් පැන් අලෙවියට අවසර ලැබෙන හැටි

 
616 Views
   
 

විදේශීය සංචාරකයින් සඳහා සංචාරක හෝටල්වල සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කරලීම සඳහා සුරාබදු කොමසාරිස්වරයා විසින් අවසර ලබාදී තිබෙනවා. ජෛව සංචාරක බුබුළු සංකල්පය යටතේ විදේශීය සංචාරකයින්ට මෙරටට පැමිණීමටත්, සංචාරක මණ්ඩල අනුමැතිය සහිත හෝටල්වල නවතා ගැනීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අවසර ලබාදී තිබුණා.

එසේ පැමිණෙන විදේශීය සංචාරකයින් වෙනුවෙන් එම සංචාරක හෝටල්වලට නිකුත් කර ඇති සුරාබදු බලපත්‍ර ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ සඳහන් කළේ. මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වූ වහාම සෙසු ව්‍යාපාරික ස්ථාන සමඟ ම ත් පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථානද විවෘත කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. දිගු කාලයකට පසුව විවෘත කිරීමේදී ම ත් පැන් අලෙවි කරන ස්ථාන ඉදිරිපිට පාරිභෝගිකයින් ඒකරාශි වීම සහ අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්