Feb
16

” ජීවිතයට හොයා ගනින් පිරිමියෙක් උඹව සැරින් සැරේ අඬවලා ආතල් එකේ ඉන්න එකෙක් නෙවෙයි” ජනප්‍රිය නිලි දිලිනි ලක්මාලි

 
626 Views
   
 

දිලිනි ලක්මාලි කියල කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ඔබ අප කවුරුත් හඳුනන අහිංසක චරිතයක්. ඇත්තෙන්ම මීට වසර ගණනාවකට පෙරදී සිය රංගන කටයුතු ආරම්භ කළ ඇයව බොහෝදෙනෙකු හදුනන්නේ කොණ්ඩය දිග දිලිනි ලෙසයි. ඇත්තෙන්ම ඇයව අපට කලා ක්ෂේත්‍රයේ වැඩි ප්‍රේක්ෂක ආදරයක් හා ආකර්ෂණයක් දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් හදුන්වන්න පුලුවනි

කොහොම නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පිළිබඳ ගැන කතා කරනවානම් 1991 මැයි 16 වෙනිදා කොළඹ කාසල් රෝහලේදී උපත ලබන ඇය ඇගේ පවුලේ පළමු දරුවායි. ඒ වගේම ඇයට එක් සහෝදරයෙකු සිටිනවා. කොහොමහරි ඉතින් සමාජ ජාලා මාධ්‍ය තුළ සක්‍රීය චරිතයක් ලෙස කටයුතු කරන ඇය පහුගිය දිනක ඇගේ සමාජ ජාලා මාධ්‍ය ගිනුමට අපුරු සටහනක් එකතු කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. ඇය ඒ විදිහට එක්කළ සටහන මෙසේයි

” ජීවිතයට හොයා ගනින් පිරිමියෙක් උඹව සැරින් සැරේ අඬවලා ආතල් එකේ ඉන්න එකෙක් නෙවෙයි. උඹ අඩද්දී උගේ පපුවත් පිච්චෙන එකෙක්. උඹ ප්‍රශ්නෙක ඉද්දි කතා නොකර පාඩුවේ ඉන්න එකෙක් නෙවෙයි. උඹගෙ හිතට පොඩිහරි සැනසීමක් පොඩි හරි සතුටක් ගෙනදෙන්න දඟලන එකෙක්. සල්ලි පස්සෙ ලස්සන පස්සේ දුවන එකෙක් නෙවෙයි.. උඹේ ඔය හිත අස්සෙ පැලෙන්න තියෙන ආදරේ වටිනාකම දන්න එකෙක්

ඒ ආදරේට මුළු හිතින්ම ආදරේ කරන එකෙක්. ඒ ආදරේ නැති කරගන්න බය එකෙක්. හොයාගනිං මට ඕන දේ මම කරනවා කියන එකෙක් නෙවෙයි. උඹෙනුත් අහල උඹ කැමති නං විතරක් ඕනම දෙයක් කරන එකෙක්. නිදහසේ ආතල් එකේ ඉන්න දඟලන රස්තියාදුකාරයෙක් නෙමෙයි. නිදහසේ ඉන්න, අම්මට තාත්තට පස්සේ උගේ ජීවිතේ පළවෙනි තැන උඹට දෙන එකෙක්. සමහරවිට ලැබිලා ඇති.

සමහර විට ඔබත් එහෙම කෙනෙක් හොයනවා ඇති. ආදරේ කියන්නෙ විඳවීමක් නෙවෙයි. විඳවීම් කියන්නේ ආදරෙ එක පැත්තක් විතරයි. අපි ආදරේ කරනවා කියලා පැල් බැඳන් විඳවන්න ඕනෙ නැහැ.. තමන්ට දැනෙන හදවතින්ම ආදරේ දෙන උඹව තේරෙන කෙනෙක් ජීවිතයට ළං කර ගන්න සුබ පතනවා හදවතින්ම”

ඉතින් ඇය මේ විදිහට ආදරය ගැන ප්‍රකාෂ කරල තිබුන මේ අපූරු සටහන වෙනුවෙන් ඇගේ රසික ජනයාගෙන් අති විශාල ආකර්ෂණයක් හිමිව තිබෙනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්