May
22

“උපන් දා සිට කරපු පව් නැත අ තේ ගැහුවොත් කැලණියෙ සිට” – උපූල් ශාන්ත සන්නස්ගල

 
658 Views
   
 

වසර ගණනාවක් පුරා සන්නස්ගලලා මෙරට තරුණ පරම්පරාවෙ මොළ සේදූ බවට සාක්ෂාත් වන ඔහුගේ පරන පෝස්ටුවක් මට හමු විය.

” සිරි මහා බෝධියෙ සිට ගංජා සුරුට්ටුවක් ගහන්න ආසයි ” කියූ ඩබ්ලිව් ජයසිරිද මේ අපත කුලයේම තවකෙකි.

මට සන්නස්ගලලාගෙ මේ පෞද්ගලික හැසිරීම සහ පෞද්ගලික ප්‍රකාශ ගැන ආරෝවක් නැත. සන්නස්ගල අතේ ගැහුවාද මට ප්‍රශ්නයක් නැත. සන්නස්ගල අවුරුදු 60 දිත් ගහන්නෙ අතේනම් එය සන්නස්ගලගේ ප්‍රශ්නයකි. එහෙත් මේ ඔවුන් ගැටෙන්නෙ වසර 2500 කට එහා ගිය සංස්කෘතියක් සමගයි. එය මට ප්‍රශ්නයකි.

පොඩි දරුවන් දුෂණය කරන, තාත්තා දුව දුෂණය කරන රටක ලබ්බෙ සංස්කෘතියක් ද? කියා කෙනෙකුට අසන්නට පුළුවන. එය සාපේක්ෂය. කලාව සහ සංස්කෘතිය යන විෂයන් කන්නදැයි ඇසු ජේ ආර් වැනි නරුම නායකයෙකු සිටි රටක මේවා අරුමයක් නොවේය.

එහෙත් සන්නස්ගලලා මේ චූන් කරන්නෙ කාවද..? මේ සන්නස්ගලගෙ හුදකලා ප්‍රකාශයන්ද..? නැත. මේ පහුගිය කාලසීමාව පුරාම ක්‍රියාත්මක වූ සංස්කෘතිය ශෝධනයට ලක් කිරීමේ න්‍යායපත්‍රයෙ කොටසකි. ” අපේ පරපුර” ” අළුත් පියාපත්” වැනි පුපේ රැඩිකල් NGO නඩ වල රටක් විනාශ කිරීමෙ කොටසේ තවත් දිගුවක් පමණි.

කවුරුන් හෝ සිතනවා නම් මේ සන්නස්ගල ගංජා මතේට සොමියට දාන පෝස්ටු කියා එය හාස්‍යයට කරුණකි. සන්නස්ගලලා දිගුකාලීනව ක්‍රමක්‍රමයෙන් තමන්ට කිය කුලයක් නිර්මාණය කරගත්තවුන්ය. එය රටක තරුණ පරපුරක් මොල සේදීමට අධිරාජ්‍යවාදීන් යොදාගන්නා උපක්‍රමයකි.

අළුත් පරපුරේ, අළුත් පියාපත් වල සිටි ජයසිරිල, දීපානි සිල්වා, ජගත් මනුවර්ණ, සමනලී, සන්නස්ගලලා අද ඉන්නෙ කොතනද. ඔවුන් සිටින්නෙ දේශපාලන වශයෙන් ජවිපෙ වටා කඳවුරු බැඳගෙනය. ඔවුන් මේ කරන්නෙ කොන්ත්‍රාත්තුවකි. රටේ සංස්කෘතිය, ඉතිහාසය, සදාචාරය විනාශ කරන කොන්ත්‍රාත්තුවකි. එදා සිට මොවුන්ගෙ හැසිරීම සහ භාවිතය දෙස විමසිල්ලෙන් බලන්න.

සන්නස්ගලලා පහර දෙන්නේ ජන විඥානයට නොව එනම් මොලයට නොව ජනතාවගේ භක්තිය සහ ඇදහීම හෙවත් සියුම් සංවේදි හදවතටයි. එය අධිරාජ්‍යවාදීන් රටක් විනාශ කරන්න යොදාගන්නා එක් ප්‍රබල මූලෝපායික සැලැස්මකි. ඔබ මම නිරතුරුව අවදියෙන් සිටිය යුතුමය. ඔවුන් ප්‍රමාණාත්මකව විශාල නැත. එහෙත් ඔවුන්ට ජනතාවගේ ගුණාත්මක බවට කළ හැකි හානිය විශාලය.

සන්නස්ගලලා එදා ඒ කළ මුග්ධ ප්‍රකාශ වල ප්‍රතිඵල අද ගාලුමුවදොර අරගල භූමියෙ ආතක් පාතක් නැති හිපි පරපුර දෙස බැලීමේදී නිශ්චය කර ගත හැකිය. ඉතිහාසය යනු වර්තමානයෙ කැඩපතයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්