Feb
19

” කුඩා කල පටන් මා ඇසුරු කළ සංගීත ලෝකයෙහි මගේ වීරයා ඔබයි” වික්ටර් රත්නායක මහතාගේ උපන්දිනය දවසේ බිරිඳ එක්කළ සටහන

 
2973 Views
   
 

ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න අග්‍රගණ්‍ය ප්‍රවීණ ගායන ශිලියෙකු තමයි වික්ටර් රත්නායකයන් කියලා කියන්නේ. කොහොම නමුත් 1942 පෙබරවාරි 18 දා කඩුගන්නාවේදී උපත ලබන ඒ මහතාට ඊයේ දිනට වයස අවුරුදු 80 ක් සම්පූර්ණ වෙලා තිබුණා. ඉතින් මේ විදිහට යෙදී තිබුණු උපන්දිනය වෙනුවෙන් ඒ මහතාගේ ආදරණීය බිරිඳ ඔහුට සුබ පතමින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරලා තිබෙනවා අපට දැකගන්න ලැබුණා. එහිදී ඇය කියල තිබුනේ මෙහෙම කතාවකුයි

” කුඩා කල පටන් මා ඇසුරු කළ සංගීත ලෝකයෙහි මගේ වීරයා ඔබයි. ඔබේ ලයාන්විත හා තේජස්වී කටහඩ මගේ ළමා මනස හා ආත්මය අපූර්ව රිද්මයකින් සුවපත් කළා යැයි කීම අරුමයක් නොවේ. නමුත්, කුඩා කළ මගේ ලෝකයේ වීරයා අද වන විට මගේ ජීවන ගමනට අත්වැලක් හා පූජනීයත්වයක් ජනිත කරනු ඇතැයි මම එදා සිහිනෙනුදු නොසිතුවෙමි. ඇත්තෙන්ම, මගේ ජීවිතය තුලට ඔබේ ආගමනය අභ්‍යන්තර හා බාහිර වශයෙන් මා තුළද, මාගේ ආධ්‍යාත්මය තුලද ඇති කළ වර්ධනය හා සංහිදියාව මෙතෙකැයි කීමට‍ තරම් මම සමත් නොවෙමි”

කොහොමහරි ඉතින් මේ විදිහට සිය ආදරණීය සැමියාට වයස අවුරුදු 80 සම්පූර්ණ වන පෙබරවාරි 18 වැනිදා සමාජ මාධ්‍ය ගිනුමට සටහනක් එක්කළ ඇය වැඩිදුරටත් කියා සිටියේ මෙහෙම කතාවකුයි ” ඔබ මට‍ ගෞරව සම්ප්‍රයුක්ත වැඩිහිටියකු පමණක් නොවේ. ඔබේ උතුම් චරිතය වසා පවතින්නා වූ මනුසත් බව, උත්තුංග බව, මෘදු හා සෞම්‍ය බව මා තුළ ඉමහත් පෙරළියක්‌ කර ඇති සේය

මගේ ජීවිතයට ඉමහත් වූ ආරක්ෂාවත්, සෙවණක්‌ හා සිසිලසත් පතුරුවාලන ඝන සෙවනැල්ලෙන් යුක්ත මහා වනස්පතියක් ලෙසින් මම ඔබව දකින්නෙමි. මහා වෘක්‌ෂයක අතු පතරෙහි සෙවන ලබන්නා වූ සියොතුන් කෙතරම් ආරක්ෂාකාරී සහනයකින් යුතු වේද, මමද එසේ ඔබේ සෙවනින් ප්‍රමුදිතව ආරක්ෂා සහිත වෙමි. කලාව, ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙලවර විය යුත්තක්‌ බව පැවසේ

එසේම ඔබ සුසර කරනා කලාවේ තත්, මා ද ඇතුළු පොදු මහත් ජනයාගේ මනදොළ සපුරා, තෙවනි ඇසක් විවර කරනා මහා ප්‍රඥාවක්‌ බැව්‍ මට‍ පසක්‌ වන්නේ ඔබේ මියුරු හඩින් නින්නාද වන සුභාවිත ගීතයක අපූරු රිද්මය තුලිනි. ඔබේ සෙවණයට සිසිලස ලැබීමට‍ තරම් මා කෙතරම් භාග්‍යයවන්ත දැයි ඊලග තත්පරයේදී මට‍ පසක් වේ. එවිට මගේ සිත ඉමහත් ප්‍රීතියකින් හා විශ්මයකින් ඔද වැඩි යනු මට‍ දැනෙයි

තවද මේ ආකාරයට අදහස් දක්වපු ඇය අවසාන වශයෙන් සටහන් කර තිබුනේ ” ඔබ මට‍ විශාල ආරක්ෂාවක්‌ හා ශක්තියකි. එකී ශක්තියත් ආරක්ෂාවත් ජීවිතයේ ඉතා අසීරු අවස්ථාවන්හිදී පවා නොසැලී සිටීමට මට‍ මහත් අත්වැලක්‌ සේම, යනෙනා මාවත නිරන්තරයෙන්ම ආලොකමත් කරනා උදීවී ආලෝකයක්‌ බවද මා සිහිපත් කල යුතුයි. අපට ජීවිතයේදී බොහෝ තැනැත්තන් හමුවේ. එහෙත් ඒ හමුවෙන අයගෙන් අපේ ජීවිත තුළට සදා අමරණීය හා උතුම් චරිත බවට පත් වන්නේ ඉතාමත් අතලොස්සකි. එවන් සුවිසල් ලොවක් තුළ ඔබගේ මහා සෙනෙහස හා ලබැදි බව ලැබීමට තරම් මා වාසනාවන්ත වුයේ, දිනක ඔබ කියූ ආකාරයටම පෙර භවයක හමු වී ඇති නිසාම වන්නට හැකිය

මට‍ ඔබව සිහිවන්නේ නිසසල අරණක තුරුපත් සැලෙන මන්ද්‍ර සංගීතය මැද නිහඩව නැගී සිටිනා සුපසන් වු ගාම්භීර ආරාමයක් සේය. මට‍ දැනෙන්නේ දැන්, ජීවිතය නොයෙක් වර්ණවත් රටා යෙදු සුමට කලාලයක් ලෙසිනි. එහි රටා වර්ණවත් ලෙස වර්ණ ගැන්වුයෙත් රසාලිප්ත කලේත් එහි ඔබය. ඔබ ඇසුරේ සෙවණ ලැබුමෙන් පසු මගේ ජීවිතය එතරම්ම වෙනස් වු බවත් සුවපත් වු බවත් කිවයුතුයි. ඉතින් මගේ ජීවිතයේ අත්වැල වු ඔබ‍ට සුබ උපන්දිනයක් වේවායි ප්‍රර්ථනා කරමි. මගේ ආයුෂත් රැගෙන ඔබ නිදුක්, නිරෝගීව සතුටින් චිරාත් කාලයක්‌ වෙසෙනු දැකීම මාගේ එකම පැතුමයි! ඔබට තෙරුවන් සරණයි! ” කියලයි

කොහොම නමුත් ආදරයට වයස බාධාවක් නොවන බව පෙන්නුම් කළ ඔවුන් දෙදෙනා ඉතාමත් සතුටින් තමයි කාලය ගත කරනුයේ. ඉතින් මේ ආකාරයට ඊයේ දිනයේ සිය තරුණ බිරිඳ සමගින් උපන්දිනය සැමරූ ප්‍රවීණ අග්‍රගණ්‍ය කලා කරුවාගේ උපන්දිනයට අපිත් සුභම සුබ උපන්දිනයක් වේවා කියල හදවතින්ම සුභපැතුම් එකතු කරනවා. ඒ වගේම නිදුක් නිරෝගී ජීවිතයක් ලැබෙන්නට කියලත් අපි එතුමාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්