Oct
25

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පණිවුඩය

 
671 Views
   
 

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඇතිවීම වලක්වා ගැනීමට සියලු ගෝලීය ප්‍රජාව එන්නත්කරණයට ලක්වීම අත්‍යාවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛරසයේ විකෘති ප්‍රභේද කිහිපයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එන්නත්කරණයෙන් තොරව එහි කිසිදු පාලනයක් ඇති නොවන බව එම සංවිධානය අවධාරණය කරයි.
එන්නත්කරණය ක්‍රියාවලියේ දී වෛරසයට වැඩි වශයෙන් නිරාවරණය වන සෞඛ්‍ය සේවකයන් ඇතුළු ඉදිරිපෙළ නිළධාරීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළයුතු බව සෞඛ්‍ය බළධාරීන් පවසයි.

ගෝලීය එන්නත් බෙදී යාමේ දැවැන්ත විෂමතාවයක් පැවතීම ද බරපතල අර්බුදයකි. අප්‍රිකානු රටවල 10% ක ප්‍රමාණයක් පමණක් එන්නත්කරණයට ලක්වීමෙන් එය ඉතා හොඳින් පැහැදිලිය. G20 වැනි ලොව ධනවත් රටවල් වල රාජ්‍ය නායක සංවිධාන දිළිඳු රටවල් සමග එන්නත් බෙදා ගැනීමට යොමුවීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. රුසියාවේ රෝගීන් සහ මරණ සංඛ්‍යාවේ වාර්තා ගත ඉහළ යාමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.එරටෙහි වැඩිම මරණ සංඛ්‍යාව අඛණ්ඩව 5 වන දිනටත් මරණ 1,075 ක් බව වාර්තා වේ.අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක් අඟුලු දැමීමට රුසියානු රජය තීරණය කර ඇත. එන්නත්කරණය මන්දගාමී බව රෝග ව්‍යාප්ති තත්ත්වයට මූලික හේතුව බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි. පූර්ණ එන්නත් ලබාදී ඇත්තේ ජනගහනයෙන් 1/3 කට බව වාර්තා වේ. කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් ලොව ප්‍රථමවතාවට නිපදවීමට සමත් වූ රුසියාව එන්නත්කරණයේ පහලින් සිටීම කැපී පෙනෙන කරුණකි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස ශීඝ්‍ර ඉහළ යමක් දක්නට ලැබේ.ඉකුත් ජූනි මාසයෙන් පසු එරට සතියක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පසුගිය සතියේ වාර්තා විය. කොරෝනා මරණ සංඛ්‍යාව ද 12% කින් වැඩි වී ඇත.වෛරස ආසාදිතයින් ඉහළ යාම නිසා එළැඹෙන නත්තල් සමයේ රට යලි අඟුලු දැමීමට සිදුවන බව එරට සෞඛ්‍ය අංශ පවසයි. සියල්ල අවසානයේ පවසන්නට ඇත්තේ එක දෙයකි. නියමිත ප්‍රමාණයට එන්නත් නියමිත වෙලාවටත් කලින් ගෙන්වා , එන්නත්කරණය සඳහා ඉතා කඩිනමින් සූදානම් වූ මගේ පුණ්‍ය භූමිය, එනම් ශ්‍රී ලංකාව සෑම අස්සක් මුල්ලක් නෑර පීරා එන්නත සියලු ජනතාවට ලබාදී එහි අවසාන අවස්ථාවේ පසුවෙයි. පියවරෙන් පියවර ඉදිරියට ආ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ලෙස සිදුකල අතර කිසිදු පුද්ගලයකු ඉන් අපහසුතාවයකට පත් නොකරමින් , වයෝවෘද්ධ, වැඩිහිටි හා ආබාධිත අය වෙනුවෙන් නිවෙස් තුළටම ගොස් එන්නත්කරණය සිදු කළ ලොව එකම කාරුණික සෞඛ්‍ය සේවය මා දකින්නේ ශ්‍රී ලංකාවෙනි.

ආසියානුකරයේ පුංචිම රටක් වුවත් එහි සිදුවන ක්‍රියාවන් පුංචි නැත.රටේ ජනතාව කොරෝනාවෙන් බේරා ගැනීමට සියල්ල සිදුකර අවසන්ය. ආදරණීය ජනතාවනි. රටේ දේශපාලනය කරපින්නා ගනිමින් වත්මන් ජනපති ඇතුළු අනෙකුත් දේ අලලා මඩ ප්‍රචාර දියත් කරමින් මිනිසුන් මිනිසුන්ටම ගිනි අවුලවාලමින් රට අරාගික තත්ත්වයට ඇද දමන්නට එපා.වර්තමානය යනු අප රටට පමණක් සීමාවූ ගැටලුක් නොව මුලු මහත් ලෝක ප්‍රජාවම ආර්ථික , සමාජීය , මානසික යන සෑම මට්ටමකින්ම ඉතාමත් පසුබෑමක ඇත.නමුත් තවමත් අපි එක වේලක් බඩගින්නේ සිට නොමැති බවත් , එන්නත ඉල්ලා පෝලිම් වල රස්තියාදු වී නොමැති බවත් හොඳින් සිහියට ගන්න.

වාද භේද පසෙකලා වැටුණු තැනින් ගොඩ එන්නට වචනයකින් හරි ශක්තියක් වීම මිස , ඔබ රට වට්ටා සතුටු වන්නට උත්සාහ ග්න්නේ නම් ඔබ තරම් මානසික විකෘතිකයකු මේ ලොවෙත් නැත. එක්ව නැගිටිමු ….යලි හිනැහෙමූ …
මවුබිම වෙනුවෙන් කැපවෙමු. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්