Apr
9

මිරිහානේ දී බස්රථයකට ගිනි තැබූ පුද්ගලයා ගැන තොරතුරු ඉල්ලයි

 
627 Views
   
 

මිරිහාන පැඟිරිවත්ත පාර ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ පසුගියදා පැවති විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරෙමින් පොදු දේපළවලට අලාභහානි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කරයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ අපරාධමය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය අපේක්ෂා කරන බවය.

ඒ අනුව, එම අවස්ථාවේ දී ලබාගත් සී.සී.ටී.වී දර්ශන ඇසුරින් බස්රථයක් ගිනි තබන ලද පුද්ගලයෙකුගේ රුවට සමාන වනපරිදි අඳින ලද සිතුවමක් ද පොලීසිය මාධ්‍ය වෙත නිකුත්කර තිබේ.

එම සැකකරුවන් ගැන යම් තොරතුරක් වෙතොත් විමර්ශන භාර පොලිස් අධිකාරීවරයාගේ දුරකථන අංක 071 859 1755 හෝ 071 859 4929ට දැනුම්දෙන ලෙසත් නැතහොත් 011 2444265 යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්