Oct
31

“ලංකාවේ ආර්ටිස්ට්ලා පාවිච්චි වෙන්නෙ වැරදි විදියට” – Yellow Beatz

 
1082 Views
   
 

කාණ්ඩායම් සංගීතය කියන දේ අපිට අලුත් දෙයක් නෙවෙයි. අපේ රටේ කාලෙන් කාලෙට බිහිවුණු කණ්ඩායම් සංගීතයේ පෙරළි කරන්නට සමත් වුණු බොහොමයක් දෙනා ගැන ඔබ අසා ඇති. අද දවසේදී පිනිපලස මේ කතාබහත් ලංකාවේ කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කරමින් ජාත්‍යන්තරය ජය ගන්න සිහින මවන Yellow Beatz ගැන.

විශේෂත්වය තමා මේ Yellow Beatz හි සිටින හතර දෙනාම කාන්තාවන්. මීට පෙරත් සහ මේ කාලයේත් මෙවැනි තවත් කණ්ඩායම් සංගීතය ක්ෂේත්‍රය තුළ ඉන්නවා. උදාහරණයක් විදියට මෑත කාලයේ උපේකා නිර්මාණිගේ නායකත්වයෙන් යුතු ‘කොච්චි’ කියන්නෙත් මෙවන් වූ සංගීත කණ්ඩායමක්.

රමේෂා ලක්ෂානි – බුලත්සිංහල සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ , යශ් වීරසිංහ – කන්තලේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ, කුශ්නි ප්‍රවින්ද්‍යා – බණ්ඩාරගම ඩිප්ලෝමාවක් හදාරගෙන යනවා, දිනුෂි ඉමල්කා – බළන්ගොඩ

Yellow Beatz කියල කියන්නේ 4 වොයිසස් ගර්ල්ස් බෑන්ඩ් එකක්. අපි මේක පටන් ගන්නෙ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ. මාස දෙකක් වැනි කාලයක් තුළ අපි ලබපු Achievements ගැන සහ Social Media හරහා මිනිසු අතරට ගන්න ලැබිච්ච එක ගැන වගේම නිර්මාණ කරණය පැත්තෙන් තරුණ සහ වැඩිහිටි කියන පරම්පරා දෙකම රස විදින ගීත නීර්මාණ ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන ලොකූ සතුටක් තියෙනවා.

අපි කරපු පළවෙනි මියුසික් රිලෙටට් ටික්ටෝක් එක තමා වයිරල් යන්නේ. අපි එතැනදී කරේ කේමදාස මාස්ටර්ගේ මියුසික් ක්‍රියේෂන් එකක තත්පර තිහක ටික්ටෝක් එකක්. ඒක අප්ලෝර්ඩ් කරද්දී අපි Fb පේජ් එක හදලා දවස් දෙකක් වගේ. නමුත් අපි හිතුවට වඩා ඉක්මනින් වයිරල් වෙනවා. ඒ හරහා තමා මුලින්ම අපිට ඕඩියන්ස් එකක් හැදෙන්නේ.

ලංකාවේ ආටිස්ලා කියන අයව යූස් කරන තැනකට තමා ඇවිත් තියෙන්නේ. එතකොට ආටිස් කෙනෙක් වෙලා යූස් වෙන්නේ නැතුව ඉස්සරහට ගමනක් යන්න පුළුවන් තත්ත්වයක් මේ ක්ෂේත්‍රය තුළ තියෙනවා. ඒ ගමන යන්නේ කොහොමද කියන එකට උදාහරණයක් තමා Yellow Beatz කියන්නේ. ඒක ඇතුළේදී තනියෙන් ආටිස් කෙනෙක්ට කරන්න බැරි දේවල් කණ්ඩායමක් විදියට එකතු වෙලා කරන්න පුළුවන් කියන දේ ඔප්පු කරන්න පුළුවන් වෙලා තියෙනවා.

අපිට මේ වෙද්දී හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි බලාපොරොත්තු වුණේ 20-30 අතර යං ජෙනරේෂන් එක. නමුත් මේ වෙද්දී 20-65 දක්වා වයස් කාණ්ඩයේ අය සින්දු වටා එකතු වෙලා ඉන්නවා. ඒ අය උපදෙස් දෙනවා. ලංකාවෙන් ගිය විදෙස් රටවල ඉන්න මියුසික්වලට කැමති අය ඉන්නවා. හාමනයිසින් වොකල් බෑන්ඩ් එකක් කියන කන්සෙප්ට් එකට සහ ගර්ල්ස්ලා හතර දෙනෙක් එක්ක එකතුවෙන් යන වැඩක් නිසා හොඳ ප්‍රතිචාර සහ උදව් ලැබෙනවා.

අපේම නිර්මාණ කිහිපයක වැඩ අපි පටන් අරන් තියෙනවා, Record Labels කිහිපයක්ම එයාලට අයිතිය තියෙන ගීත අපිත් එක්ක ප්‍රතිනිර්මාණය කරන්න එකඟ වෙලා තියෙනවා. Entertainment පැත්තෙන් Weddings, Events, Brand Collobaeations සහ Concerts වලට වැඩි අවධානයක් යොමු කරනවා.

මේ වෙද්දී කවර් සෝන්ග් 16ක් කරලා තියෙනවා. අපිට ඕනේ වුණේ නැහැ දිගටම කවර් සෝන්ග් කරන්න. නමුත් අපිට ආව ඉල්ලුම එක්ක ඒ ඒ නිර්මාණ කරන්න වුණා. මෙතැනින් එහාට අපි හිතන්නේ අපේම නිර්මාණ කරන්න. මේ වෙද්දී ගීත දෙකක් නිර්මාණය කරගෙන යනවා. එහි ඉන් එකක ඕඩියෝ ට්‍රැක් එක තමා 22 වෙනිදා රිලීස් කරේ. ඉදිරියේදී එහි වීඩියෝ එකත් එළිදක්වන්න සූදානම්. හැමකෙනාටම අහන්න පුළුවන් සින්දු ටිකක් අපි කරනවා.

අපෙ මුල්ම ඔර්ජිනල් ගීතය. ‘ආදරේ නැහැ…’මේක ඇතුළේ තියෙන්නේ අපි නිතර කතා කරන ආදරයට වඩා එහා ගිය එකක්. මිනිස්සු වැඩවලට මුල්තැන දෙද්දී මිස් වෙන ලොකුම දෙයක් තමා ආදරය කියන්නේ. ඒක පෙම්වතුන්ගේ ආදරෙන් එහාට ගියපු දෙයක්. අපේ අම්මට තාත්තාට දෙන්න ඕනේ ආදරෙත් මිස් වෙන්න පුළුවන් වැඩවලටම මුල්තැන දෙද්දී. මේ වෙද්දී හැමෝම තරගකාරී ලෝකයේ කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ නිසා මගහැරෙන ආදරය ගැන දැනවෙන සින්දුවක්.

මුල්ම ගීතය රිලීස් කිරීමත් එක්කම අපේ පළවැනි ලයිව් ඉවෙන්ට් එක ‘එන්චාන්ට්’ 22 වෙනිද Online Event එකක් විදිහට පැවැත්වුණා. ඒක ලංකාවේ හැමෝටම මතක හිටින කොන්සර්ට් එකක් වෙනවා කියන එක අපේ ලොකු බලාපොරොත්තුවක්. කොරෝනා වසංගතය දුරු වෙලා නැවත සංගීත ක්ෂේත්‍රයට එළිමහන් ප්‍රසංග කරන්න කාලය ලැබෙද්දී සජීවී ප්‍රසංගයක් කරන එක සහ ලංකාවේ මියුසික් ජාත්‍යන්තර මියුසික් දක්වා ගෙනියන එක. මොකද දැනටත් යොහානි සහ සතිෂාන්ගේ සින්දුවෙන් ලොකු අඩිතාලමක් හැදිලා තියෙනවා. ඒ වගේම ක්‍රියේෂන් තුළින් ලංකාවේ අනන්‍යතාව සහිත මියුසික් ලෝකයට ගෙනියන එක තමා ඉලක්කය.

 

අනූෂා රණසිංහ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්