Oct
23

මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කළ වසර 5 පාඩුව ලක්ෂ 1192 ක්

 
620 Views
   
 

පසුගිය ආණ්ඩුව සමයේ මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපලේ වී ගබඩා කළ කාලය ඇතුළු වසර පහක් තුල එහි ආදායම රුපියල් ලක්ෂ 1192 කින් පහළ වැටී තිබේ.

2014 වසරේදී මත්තල ගුවන්තොටුපොලේ ආදායම රුපියල් ලක්ෂ 1362ක් වූ අතර 2019 වසරේදී එය රුපියල් ලක්ෂ 710 ක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ අනුව 2014 වර්ෂයට සාපේක්ෂව 2019 වසරේදී ගුවන් තොටුපොලෙන් ලැබුණු ආදායම 50%කින් පමණ පහත වැටී තිබේ.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව කොවිඩ් වසංගතය අතරමැද කාලයේ සිට පසුගිය අගෝස්තු මාසය දක්වා කාලය තුළ මත්තල ගුවන්තොටුපොළෙන් ලැබූ ලාභය රුපියල් ලක්ෂ 520 ක්.

එය 2019 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ 350 ක පමණ ආදායමේ වැඩි වීමකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්