Mar
12

” පොඩි කාලේ අපි දැක්ක සුන්දර රට කෙමෙන් කෙමෙන් අපෙන් ගිලිහෙනවා කියලා දැනෙනවා” ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න

 
1616 Views
   
 

මේවෙනකොට මෙරට පුංචි තිරය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙකු තමයි උද්දික ප්‍රේමරත්න කියන්නේ. ඇත්තෙන්ම ඔහු මෙරට පුංචි තිරය පමණක් නොවෙයි සිනමාවත් ආක්‍රමණය කළ ජනප්‍රිය චරිතයක් ලෙස අපට හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන ඔහු සිය රංගන දායකත්වය ලබාදුන්නු සමනල සන්දවනිය කියන සිනමා නිර්මාණය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමටත් ඔහුට හැකියාව ලැබෙනවා

කොහොමහරි ඉතින් එලෙස රංගන ශිල්පියෙකු ලෙස ජනප්‍රියත්වයට පත් ඔහුව අපට පහුගිය කාලයේ නිවේදිකයෙකු ලෙසත් වේදිකාව තුළ දැකගන්නට අවස්ථාව ලැබුණා. ඒ බව නොරහසක්. කොහොම නමුත් පුංචි තිරය, සිනමාව සහ නිවේදනය කියන ක්ෂේත්‍ර සියල්ලගේම දස්කම් පෙන්නුම් කළ ඔහු මේවෙද්දී බොහෝදෙනෙකුගේ ඉල්ලීම මත දේශපාලනයට පිවිසෙනවා

ඉතින් මේ විදිහට දේශපාලනයට පිවිසෙන ඔහු පාර්ලිමේන්තු මැතිවරණය ජයක්ග්‍රහනය කරන අතර ඔහු මේවෙනකොට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබනවා. ඒ බව නොරහසක්. ඉතින් දේශපාලනය කරන්න ඕනේ කියන දේ මගේ හිතේ කලින් ඉදලම තිබුණු දෙයක් කියල කියන ඔහු කියන්නේ මෙහෙම කතාවක්

“මුල ඉඳන්ම මට කකියන අදහස් ටිකක් තිබ්බා. මේක අපේ රට මේක නැති වෙයි කියලා බයක් තිබුනා. ඒ නිසා එය නැති වීම ආරක්ෂා කර ගන්නයි මට ඕනි උනේ. මේ රටට යහපතක් වුණා කියන්නේ මට යහපතක් වුණා හා සමාන දෙයක්. හැබැයි මේ රටට හානියක් වෙන තැනකදී මම ඉදිරියටත් පෙනී සිටී. ඒ කොයි ආකාරයෙන් ද කියල මම දන්නෙ නැහැ

මොකද මේ ජීවිතකාලය තුළ අපිට පොඩි කාලයයි තියෙන්නේ සැරිසරන්න. අපි පොඩි කාලේ දැක්ක සුන්දර රට කෙමෙන් කෙමෙන් අපෙන් ගිලිහෙනවා කියලා දැනෙනවා. ඒ දැනිලත් කලාකරුවන් නිර්පාක්ෂකයි කියලා ගෙදරට වෙලා ඉන්න බැහැ. ඒ නිසා බුද්ධියෙන් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ.”

මේ විදිහට අදහස් දක්වපු ඔහු අවසන් වශයෙන් කියල තිබුනේ තමන්ට ලැබුණු ඒ දේශපාලන බලය තුළින් රටටත් ජාතියටත් හොඳම දේ කරන්න සූදානමින් වගේම ඒ වෙනුවෙන් ඇප කැප වෙමින් කටයුතු කරනවා කියලයි. කොහොම නමුත් මේවෙද්දී රංගන ශිල්පියෙකු ලෙසින් වගේම මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ඔහුට ඔහුගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්