Jun
8

ඒඩ්ස් රෝගී කාන්තාවකගේ සිරුරේ දින 216 කොරෝනා තිබිලා

 
2197 Views
   
 

ඒඩ්ස් රෝගී කාන්තාවකගේ සිරුරේ නව කොරෝනා වයිරසය, දින 216 ක් පැවැති බවත්, එම කාලය තුළ කොවිඩ් 19 වයිරසය, එකිනෙකට වෙනස් විකෘති ප්‍රභේද 32 ක් නිර්මාණය කළ බවත් කාන්තාවට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසති . දකුණු අප්‍රිකානුවකු වන මෙම 36 හැවිරිදි කාන්තාව, පසුගිය කාලය පුරාවට ජෝහැන්නස්බර්ග් රෝහලක ප්‍රතිකාර ලැබුවාය. දකුණු අප්‍රිකා සෞඛ්‍ය බලධාරීන් ඇයගේ රෝගි තත්ත්වය ගැන අනාවරණය කළේ, ඇගේ අනන්‍යතාව හෙළි නොකරමිනි.

ඒඩ්ස් රෝගයට හේතු වන්නේ ‘එව්.අයි.වී.” වයිරසයයි. ‘එච්.අයි.වී.’ හැඳින්වෙන්නේ , ‘මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය යනුවෙනි. එච්.අයි.වී.” ආසාදනය වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය මුළුමනින්ම අඩපණ වෙයි. මෙම කාන්තාව, දරුණු ලෙස ‘එව්.අයි.වී.” වයිරසයේ බලපෑමට ලක්වුණු තැනැත්තියක බවත්, ඇය ‘කොවිඩ් 19’ වයිරසයෙන් දරුණු ලෙස පීඩාවට පත් වූයේ ඒ නිසා බවත් වෛද්‍යවරු පැහැදිලි කරති. සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල අයට කොරෝනා වයිරසය මා රාන්තිකය. දින 216 ක් තිස්සේ කොරෝනා ආසාදිතයකු වී සිටි කාන්තාවට ලබා දුන් ප්‍රතිකාර සහ ඇගේ සිරුර තුළ කොරෝනා වයිරසය විකෘති වෙමින්, විකෘති ප්‍රභේද නිර්මාණය කළ ආකාරය ආදී සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කිරීමට දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

ප්‍රතිකාර ලබා කොරෝනා පරාජය කළත්, කාන්තාව ඉතාමත් දුර්වල තත්ත්වයක පසුවන බව ද පැවැසෙයි. කොරෝනා වයිරසය මෙම කාන්තාවගේ සිරුරේ නිපදවූ විකෘති වයිරස ප්‍රභේද අතර, මේ වනවිට ලොව පුරා වේගයෙන් පැතිරෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය පවා බිය පළ කරන කොරෝනා ප්‍රභේද දෙකක් ද වෙයි. ඊට අමතරව වෛද්‍ය පර්යේෂකයන්ට මෙතෙක් හමු නොවුණු විකෘති ප්‍රභේද කීපයක් ද හමුවී ඇතැයි අධ්‍යයන වාර්තාවල සඳහන් වෙයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්