Jun
5

අන්‍යාගමික පූජකතුමන්ලාගේ පවුල්වලටත් රු 5000 දෙන්න

 
1424 Views
   
 

හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි පූජකතුමන්ලාගේ පවුල් සඳහා රුපියල් 5,000 දීමනාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. පවතින කොවීඩ් වසංගත තත්වය යටතේ දිවයින පුරා සිටින හින්දු ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන භාරව කටයුතු කරන පූජකතුමන්ලා හට සිය ආදායම් අහිමි වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

මෙම පවුල් වලින් ඇතැම් පවුල් ප්‍රමාණයක් දැනටමත් සමෘද්ධි සහනාධාරය ලබන බැවින් එසේ නොලැබෙන පූජක පවුල් රුපියල් පන්දහසේ දීමනාව ගෙවීමේ වැඩසටහනට ඇතුළත් කර ගැනීමට කටයුතු කරන ලෙස ද ලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.

newday.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්