Jul
28

බස්රථ අනතුරකින් පුද්ගලයින් 18ක් මි’ය යයි

 
1434 Views
   
 

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් අගනුවරට කිලෝමීටර් 28 ක් ඈතින් වූ බරබනාකි ප්‍රදේශයේදී බස් රථයක්, ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ම’රණයට පත්ව තිබෙනවා.

බිහාර් ප්‍රාන්තයේ වැසියන්වන කම්කරුවන් පිරිසක් මෙම අ’නතුරට මුහුණදී ඇති අතර ඔවුන් පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල සේවයේ නිරතව සිටි අයයි.

නැවත බිහාරයට පැමිණෙමින් සිටින විට රාත්‍රියේ බස් රථය අක්‍රිය වීම නිසා ඔවුන් එය ඉදිරිපිට මහාමාර්ගයේ නිදාගෙන තිබෙනවා.

පිටුපසින් පැමිණි ට්‍රක් රථයක් බස් රථය ඉදිරියට තල්ලු කර ඇත්තේ එම කම්කරුවන් පිරිස අ’නතුරට ලක් කරමින්. තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කර ඇති අතර ආපදා කණ්ඩායම් විසින් බස් රථයට යටවී මි’යගිය පුද්ගලයන්ගේ සිරුරු ඉවත් කර ගනු ලැබුවා.

අ’නතුර සිදුවන අවස්ථාවේ මෙම බස් රථය තුළ මගින් 140 ගමන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්