May
19

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් නැත උන් රට අතැර ගොසින්

 
1853 Views
   
 

1975 ජුලි 27 වනදා එකවට යාපනය නගරාධිපති වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලූර් කෝවිලට යන අතරමගදී වෙඩිප්‍රහාරයකින් ඝාතනය කර ආරම්භ කල ඊලාම් යුද්ධය අවුරුදු 30ක් පුරා ශ්‍රී ලාංකිකයන් සියල්ලන්ටම බිහිසුනු කාල වකවානුවක් උදා කළේය. කොටි සංවිධානය 1983දී හමුදා සෙබලුන් 13න් දෙනෙකු ඝාතනය කරන්නේ කලු ජූලිය නැමැති අමිහිරි මතකය ඉතිහාසයට එකතු කරමින්ය. දශක තුනකට ආසන්න කාලයක් සිවිල් වැසියන්, මැති ඇමතිවරුන්, ආගමික නායකයන්, ත්‍රිවිධ හමුදා හා පොලීසියේ නිලදරුවන් දහස් ගණනක් අමු අමුවේ මරා දමමින් වේලුපිල්ලේ ප්‍රභාකරණ් ප්‍රමුඛ කොටි සංවිධානය ලොව ප්‍රභලම ත්‍රස්ථවාදී සංවිධානය බවට පත්වෙමින් භීෂණය රටපුරා වැපිරූහ. ජය ශ්‍රී මහ බෝධිය, ශ්‍රී දළදා මාළිගාව වැනි පූජනීය ස්ථාන පවා ලෙයින් නැහැවීමට තරම් කොටි ත්‍රස්ථවාදීන් ම්ලේච්ඡ විය.

ශ්‍රී ලංකා රජය සමග 2001 වසරේ සටන් විරාම ගිවිසුමකට එළඹෙන කොටි සංවිධානය එම කාලය තුලත් එම ගිවිසුම කඩ කරමින් ආයුධ වලින් සන්නද්ධ වන අතර දිගින් දිගටම මනුෂ්‍ය ඝාතන සිදු කරමින් ඔවුන්ගේ ම්ලේච්ඡත්වය පතුරවමින් සටන් වැදුනු අතර නැගෙනහිර ගොවි ජනතාවට ජලය සැපයූ මාවිල්ආරු සොරොව්ව වසා දැමීමට කටයුතු කරන ලදී. නැගෙනහිර ගොවිජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ ආරක්ෂක හමුදාව 2006 අගෝස්තු 21 වන දින මාවිලාරු සොරොව්ව අත්පත් කර ගැනීමට සමත් වීමත් සමග සිව්වන ඊලාම් යුද්ධයේ ආරම්භය සනිටුවහන් විය.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සේනාධිනායකයා ලෙසත්, වත්මන් ජනාධිපති ගෝඨාභය ‍රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙසත්, ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපති ලෙසත්,වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ලෙසත්, එයාර් වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ගුවන් හමුදාපති ලෙසත් කොටි ත්‍රස්ථවාදීන්ට එරෙහිව සටන් දියත් කල අතර පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පොලීසියත්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වය යටතේ සිවිල් ආරක්ෂක බලකායත් ත්‍රිවිධ හමුදාවට තම උපරිම සහය ලබා දුන්හ. මානුෂීය මෙහෙයුමේ අවසන් කාලය වනවිට නොයෙක් විදෙස් බලපෑම් රටට එල්ල වූවත් මානුෂීය මෙහෙයුම නොනවත්වා ඉදිරියට ගෙන යාමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළේය. ඒ අනුව මීට වසර 13කට පෙර 2009 මැයි 18 වන දින වේලුපිල්ලේ ප්‍රභාකරණ් නැමැති රටක් ලෙයින් තෙත් කල කුරිරු මි$නීම&රුවා නන්දිකඩාල් කලපුවේදී වීරෝධාර රණවිරුවන්ගේ අතින් අවසන් ගමන් යන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුලු සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ නෙත් සතුටු කඳුලින් තෙත් කරමින්ය.

2009 වන විට මා පාසල් යන කොලුගැටයෙකු වූවත් යුද්ධය නිසා බහ තෝරන වියේ පටන් මව්පියන්ගේ කතා වලින් යුද්ධය නිසා ඇති බෝම්බ බිය ගැන දැන සිටියෙමි. මට මතක ඇති කාලයේ සිටම මව හෝ පියා සතියට දින කිහිපයක් පාසල මුරකිරීමට පාසලට පැමිණියේය. එක් වරක් “යාල කැලේට කොටි ඇවිල්ලා ” යන පුවතින් මුළු ගමම බියෙන් සලිත වී ගියේ යාල කැළයේ සිට අප ගම්මානයට ඇත්තේ සැතපුම් කිහිපයක් නිසාවෙනි. එකල කිසි දිනක අම්මා සහ තාත්තා දෙදෙනාම එකට ගමන් ගියේ නැත. ඒ මන්දයත් දෙදෙනාම එකට ගොස් බෝම්බයකට හසු වූවොත් දරුවන්ගේ අනාගතය අඳුරු වේ යන බිය ඔවුන්ගේ හිත් වලට තදින්ම කාවැදී තිබුණ නිසාවෙනි. එක් අයෙක් නිවසින් බැහැරව ගියොත් නැවත නිවසට පැමිණෙන තුරු සියල්ලෝම බියෙන් සලිතව සිටි අමිහිරි අතීතය මට තවමත් අද මෙන් මතක තිබේ.
එවන් අමිහිරි අතීතයකට සමුදී ඇස්,ඉස්, මස්,ලේ මෙන්ම තම ජීවිතයම දන් දී අපේ ශ්‍රී ලංකා මාතාව රුදුරු ත්‍රස්ථවාදීන්ගේ ශාපයෙන් මුදවා ගන්නට කැපවූ ආදරණීය රණවිරුවන්ට මම සැමදා ණයගැතියි.

එසේම J.R. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන ජනාධිපතිවරයින්ට නොතිබූ ධෛර්යයක් තිබූ මොන බාධක පැමිණියත් “මේ රට කොටි ත්‍රස්ථවාදීන්ගෙන් මුදවාගෙන මිස නොනවතිමි” යි යන ඒකායන අරමුණකින් ක්‍රියාකළ එවකට සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැතිඳුන්ටත්, එතුමන්ට අතිවිශාල ශක්තියක් වූ එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ටත්, එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලු ත්‍රිවිධ හමුදාවටත්, එවකට පොලිස්පතිතුමා ඇතුලු ශ්‍රී ලංකා පොලීසියට මෙන්ම රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රමුඛ සිවිල් ආරක්ෂක බලකායේ සමස්ථ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය…

වර්තමානයේ ඇතැමෙක්ට රණවිරුවන් නැවත අටපාස් ආමිකාරයන්ය වෘ ඇතත් මගේ හදවතේ සදාකල්ම ඔවුන් ජීවමාන දෙවිවරුන්ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්