Jun
9

අ සත්‍ය පුවතක් සමාජ මාධ්‍යයේ පළකිරීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකළ තරුණයාට ඇප

 
1288 Views
   
 

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අ’සත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී යසිරු කුරුවිටගේ නැමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික.සී රාගල මහතා නියෝගය මතයි.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ, පුද්ගලයෙකුට භාෂණයේ නිදහස තිබුණද ඊට ද සීමා පවතින බවය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් අදාළ තරුණයා එම පුවත පළ කර තිබුණි. නඩුව නැවත ජුලි මස 01 වනදා කැඳවීමට ද නියම විය.

ada.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්