Dec
20

බොරතෙල් නැව ප්‍රමාදයි – සපුගස්කන්ද යළි වැසීමේ අවදානමක්

 
1065 Views
   
 

සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි මස මුල් සතියේදී වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පිරිපහදුව සඳහා ඇණවුම් කළ බොරතෙල් අඩංගු නෞකාව මෙරටට පැමිණීමේ ප්රමාදයක් හේතුවෙන් මෙලෙස වසා දැමීමට සිදු වන බව ය. මේ පිළිබඳ අදහස් දක්වමින් ආනන්ද පාලිත මහතා මෙසේ පැවසීය.

“ඇමතිවරයා රටට කියන්න ඕන එකේක කතන්දර නොකියා ඩොලර් අර්බුදයක් තියෙන හින්දා ඉන්ධන ගෙන්වීමේ ගැටලුවක් තියෙනවා කියලා. 7 වන දා ඇමතිවරයා කිව්වා ජනවාරි මුල එහෙම වහන්න උනොත් බය වෙන්න එපා ඉන්ධන තියෙනවා මමයි ඇවිල්ලා කියන්නේ කියලා.” 

ඔහු සඳහන් කළේ, නොවැම්බර් මාසයේදී ප්රසම්පාදන ක්රියාවලිය සැලසුම් කර තිබුණා නම් මෙලෙස තෙල් පිරිපහදුව වසා දැමීමට අවශ්ය නොවන බව ය. “පිරිපහදුව වහනවා කියන්නේ ගුවන් යාන ඉන්ධන තෙල් වැඩි වෙනවා කියන එක මේවට යන්නේ ඩොලර්. තවත් ඩොලර් අර්බුදය උග්ර කරනවා.”

මේ අතර, ඉන්ධන මිල වැඩි කරන ලෙස මහ බැංකුව ඊයේ (දෙසැ. 19) දිනයේදී මුදල් අමාත්යවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව ආනන්ද පාලිත මහතා වැඩිදුරට ත් ප්රකාශ කළේ ය.

“ඊයේ මහබැංකුවෙන් දැනුම් දීලා තියෙනවා ලු ලිඛිතව මුදල් ඇමතිට ඉන්ධන පරිභෝජනය අඩු කරන්න පෙට්රල් ලිීටරයක් රුපියල් 35කිනුත් ඩීසල් ලීටරයක් රුපියල් 24කිනුත් භූමිතෙල් ලීටරයක් රුපියල් 11කිනුත් වැඩි කරන්න. මං අහන්න කැමති මහ බැංකුවේ නිලධාරීන්ගෙන් ඒගොල්ලෝ ලංකාවේ ද ඉන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොන ත් ඇන්නලා තව ත් මොකක් ද මේ කරන්නේ?”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්