Jan
28

ඇෆ්ගනිස්ථානය හමුවේ ලංකාව පසුබසියි

 
811 Views
   
Sri Lanka lags behind Afghanistan  

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය කණ්ඩායම ලකුණු 134ට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ විනුජ රන්පුල් ලකුණු 10ට කඩුලු 5ක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 135ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 130ට සීමා කිරිමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත්වූය.

මේ අනුව ඇෆ්ගනිස්ථානය තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ අතර ඔවුන් එංගලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්