Feb
6

අවුරුදු 40 ක ළාබාල තරුණියක සමගින් දෙවනි වරට විවාහවු ජයසේකර අපොන්සු ගෙවන ජීවිතේ

 
973 Views
   
 

ජයසේකර අපොන්සු කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ කාර්‍යබාර්‍යයක් ඉටුකළ දක්ෂ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. ඇත්තෙන්ම ඔහු මෙතෙක් සිය රංගන දායකත්වය ලබාදුන්නු බොහෝමයක් නිර්මාණවලට ලාංකීය ජනයා ආදරයෙන් වැළඳ ගනු ලැබුවා. ඒ නිසාවෙන්ම තමයි ජයසේකර අපොන්සු කියන නමට අදටත් විශාල පිරිසක් ආදරය කරන්නේ

මේ අතර ටෙලි නිර්මාණ වලට පමණක් සීමා නොවුන අපොන්සු මහතා සිනමා නිර්මාණ සදහාත් සිය රංගන දායකත්වය ලබා දුන්නා. නිරන්තරයෙන් හාස්‍ය උත්පාදන ටෙලි නිර්මාණ තෝරාගත් ඔහු ඒ සියලු චරිත සදහා සාධාරණයක් ඉටුකළ බව නොරහසක්. ඔහු සිය රංගන දායකත්වය ලබා දුන්නු ජනප්‍රිය නිර්මාණ කිහිපයක් හැටියට අපට නෝනාවරුනි මහත්වරුනි ,තට්ටු ගෙවල් වැනි නිර්මාණ පෙන්වා දෙන්න පුලුවනි

කොහොම නමුත් ජයසේකර අපොන්සු කියල කියන්නේ මෙරට කලා කෙත පෝෂණය කරන සම්මානනීය දක්ෂ රංගන ශිල්පියෙක්. ඊට කදිම නිදසුනක් තමයි ඉඩම කියන ටෙලි නිර්මාණයට ඔහු දක්වපු ඒ අග්‍රගන්‍ය රංගනය. ඇත්තෙන්ම මෙම නිර්මාණය තුළින් සිය රංගන හැකියාව පෙන්නුම් කළ ඔහුට 1975 වර්ෂයේදී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පවා හිමිකර ගැනීමට හැකියාව ලැබෙනවා

කොහොමහරි ඉතින් අපොන්සු මහතාගේ විවාහ දිවිය ගැන කියනවානම් කලා කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා හිටපු ඔහු 1978 වර්ෂයේ දී යුගදිවියට පිවිසෙනවා. නමුත් එලෙස1978 වර්ෂයේ දී විවාහවෙන ඔහුගේ ඒ විවාහය එතරම් සාර්ථකව පවත්වාගෙන යන්න එතුමාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාවෙන් ඇය ජයසේකර මහතාගෙන් වෙන්වෙනවා

එලෙස විවාහයෙන් වෙන්වෙන ඔහු කලක් තනිකඩව දිවියක් ගත කරන අතර 2018 වර්ෂයේදී නැවතත් ඔහුගේ ජීවිතයට නැවතත් වසන්තය එනවා. ඒ අපොන්සු මහතා නැවත වරක් විවාහ වීමත් සමගයි. කොහොමහරි ඉතින් 2018 වර්ෂයේදී ඔහු මෙරට තරුණියක සමගින් විවාහවෙන අතර මේ විවාහය පිළිබඳව රටම කතාබහ කරන්න පටන් ගන්නවා. ඊට හේතුව වෙන්නේ ඔහු දෙවනි වරට විවාහ වෙන්නේ ඔහුට වඩා බොහෝ සෙයින් ලාබාල තරුණියක් සමගින් වීමයි. අපට දැනගන්නට ලැබෙන ආකාරයට මෙම තරුණිය ඔහුට වඩා අවුරුදු හතළිහක් ලාබාල තරුණියක්

ඒ කොහොම උනත් ජීවිතයේ අවසාන කාලයේ ඔහුගේ දුක සැප බෙදාගන්න මේ වගේ ආදරණීය චරිතයක් ජීවිතේට හම්බුනේ එක පිළිබඳව අනේක වාරයක් දෙවියන්ට ස්තූති වන්ත වෙනවා කියලයි ඔහුනම් කියන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්