Feb
12

“ලොජිස්ටික් පාර්ක් ” සැපයුම් ඒකාබද්ධ මධ්‍යස්ථානය

 
1454 Views
   
 

ශ්රී ලංකාව සැපයුම් ඒකාබද්ධව කිරීමේ මධ්යස්ථානය ලෙස ප්රවර්ධනය කිරීමේ අරමුණින් සැපයුම් පහසුකම් හා ආශ්රිත සංවර්ධන ව්යාපෘති සඳහා නව ආයෝජන මධ්යස්ථානයක් ජාඇල ඒකල ප්රදේශයේ ඉදිකිරීමට නියමිතයි.

අග්රාමාත්යවරයාගේ උපදෙස් මත මෙම සැලසුම් කර බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය පවසයි.

නව ආයෝජන මධ්යස්ථාන පිහිටුවීමත් සමඟ පළමු වසර 10 තුළ ගබඩා පහසුකම් සැපයීමෙන් පමණක් ඇමරිකානු ඩොලර් 50 දක්වා විදේශ විනිමය ඉපයීමක් සිදුකල හැකි බව අමාත්යාංශය පවසයි.

ජා ඇල “ලොජිස්ටික් පාර්ක්” නමින් මෙම ආයෝජන මධ්යස්ථානය ඉදිකෙරෙන්නේ රුපියල් බිලියන 2.2 ක වියදමිනි. මීට අදාළ ගිවිසුමට පසුගිය දා අත්සන් තැබිණි.

බඳු ගිවිසුමට අදාල චෙක්පත අදාළ ඉදිකිරීම් සමාගම මගින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වෙත පිලිගැන්වීම සිදු විය.

යෝජිත ව්යාපෘතියෙන්,

? ඍජු රැකියා අවස්ථා 800 ක්

? ට්රක් රථ රැකියා 500 ක්

? සැපයුම් ව්යාපාර සඳහා රැකියා අවස්ථා 300

? වක්ර රැකියා අවස්ථා රැසක් නිර්මාණය කෙරෙණු ඇති.

නව ව්යාපෘති රටතුළ ඇති වීමත් සමඟ රැකියා වියුක්තියෙන් පෙලෙන්නන්ට හොඳ විසදුමකි. රටට මෙවන් නව ආයෝජන අවස්ථා ඉතාමත් වටිනාකමක් ගෙන දෙන්නකි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්