Mar
4

” ඔට්ටුයි ඕක තව බොහොම ටික දවසයි කියල හැමෝම කිව්වා, ඒත් බලන්නකෝ අපි තාමත් එකට ශක්තිමත් ගමනක් යමින් ” ජනප්‍රිය ගායක දිනේෂ් තරංග

 
491 Views
   
 

මා නුඹට පෙම් කළේ ගීතය හරහා මෙරට ජනයා අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගත් ගායන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන දක්ෂ වගේම කඩවසම් ගායකයෙකු තමයි දිනේෂ් තරංග කියල කියන්නේ. ඇත්තටම ඔහුව අපට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ගායකයෙකු ලෙස හදුන්වන්න පුලුවන්. ඒ විතරක් නොවෙයි ගායකයෙකු ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු මේවෙද්දී අපට රංගන ශිල්පියෙකු ලෙසත් පුංචි තිරයේ දැකගන්නට ලැබෙනවා

කොහොම නමුත් ඔහුගේ ජනප්‍රියත්වය නිසාවෙන්ම ඔහු පිළිබඳ සමාජ ජාලා මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වෙනවා. ඒ බව නොරහසක්. ඉතින් මේ විදිහට කතාබහට ළක්වන ඔහුගේ පෞද්ගලික ජීවිතයට මෙරට බොහෝදෙනෙකු චෝදනාවන් එල්ල කරනවා. නමුත් මේ විදිහට තමන්ට එල්ලවෙන සියලු චෝදනාවන් මැදිහත් සිතින් යුතුව බාර ගනිමින් සිය ගමන පාඩුවේ යන චරිතයක් නිහතමානී චරිතයක් තමයි දිනේෂ් කියන්නේ

දිනේෂ් තරංග කියන මේ සොදුරු ගායන ශිල්පියා නිරන්තරයෙන් ඔහුගේ සමාජ ජාලා මාධ්‍ය ගිනුම ඔස්සේ සිය රසික ජනයා සමගින් අදහස් බෙදා ගැනීමටයි කටයුතු කරන්නේ. කොහොම නමුත් පහුගිය දවසක ඔහු සිය සමාජ ජාලා මාධ්‍ය ගිනුමට අපූරු ඡායාරූපයක් එක්කොට තිබුණා. ඔහු මේ විදිහට එක්කර තිබුනේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ පැරණි ඡායාරූපයක් සමඟ අද ගෙවන ජීවිතය පෙන්නුම් කරන ජායාරූපයක්. ඉතින් ඒ ඡායාරූපය සමඟ ඔහු අපූරු කියමනක් ඊට එක් කොට තිබුණා

එහිදී ඔහු කියල තිබුනේ මෙහෙම කතාවකුයි. ”ඔවුන් කිව්වා ‘ඔට්ටුයි, ඕක තව බොහොම ටික දවසයි’ ඒත් ඉතිං අපි දිහා බලන්නකෝ. අපි තාම එකට ඉන්නවා. ශක්තිමත් ගමනක් යමින්” යනුවෙනුයි. ඉතින් මේ විදිහට සටහනක් එක්කළ ඔහුගේ විවාහ දිවියට මේවෙනකොට වසර දහයකුත් ගෙවි අවසානයි

ඇත්තෙන්ම ඔවුන් එදා මෙන්ම අදටත් සිය විවාහ ජිවිතය ඉතාමත් ආදරණීය ලෙස සුන්දරව ගත කරනවා. ඔවුන් එකිනෙකාට කතා කර ගන්නේ අම්මි තාත්ති යන ආදරණීය වචනවලින්. ඇත්තෙන්ම සිය ජීවිතයේ මොනතරම් තරම් බාධක කම්කටොලු ආවත් ඔවුන් දෙදෙනා එකිනෙකා වෙනුවෙන් ජීවත් වෙනවා

මේ අතර යොවුන් ගායන ශිල්පී දිනේෂ් ආදරේ කියන්නේ රූපය මත තීරණය වූවක් නොවන බව මේවෙනකොට මනාව ඔප්පු කර තිබෙනවා. කොහොමහරි ඉතින් මේ විදිහට ආදර්ශමත් විවාහ දිවියක් ගතකරන දිනේෂ් තරංග කියන මේ කඩවසම් ගායන ශිල්පියාට ඔහුගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපිත් ඔහුට සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්