Feb
22

සසර කලකිරුණු නයෝමි තක්ෂිලා මෙහෙණි සසුනට ?

 
1043 Views
   
Naomi-Thakshila-disappointed-with-Sasara  

මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනා කරන, ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන මේ දිනවල විකාශනය වන හිත ළඟ හිනැහුණා  ටෙලිනාට්‍යයේ ආදරණීය චරිත දෙකකින් මෙවර දේශය කවරය හැඩවෙයි. ඒ මේ දිනවල පුංචි තිරයේ දකින්නට ලැබෙන නව පරපුරේ ආදරණීය චරිත දෙකක් වන විදුරවි සහ ශෙනායාගෙනි.

කොහොමද විදුරවි?

හොඳයි. ගොඩක් හොඳින් පරිස්සමින් කාලය ගත කරනවා.

අපිට ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්?

මම විදුරවි හංසජ කුඹුකගේ. මගේ ගම විජේරාම. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කයි මමයි. මගේ අම්මා භරත නර්තන ගුරුවරියක්. තාත්තා ශබ්ද පරිපාලකවරයෙක්. මගේ අම්මා ආලෝකා කුඹුකගේ. තාත්තාගේ නම මුදිත කුඹුකගේ.

විදුරවි පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහෙන්ද?

මම පාසල් දෙකක අධ්‍යාපනය හැදෑරුවා. මුලින්ම විදුර විදුහලෙනුත් පසුව කොළඹ රාජකීය විදුහලෙනුත් අධ්‍යාපනය හැදෑරුවා. පාසලේදි මම ඒ තරම් දඟ චරිතයක් නෙමෙයි. අධ්‍යාපනයට අමතරව මම ක්‍රීඩාවලටත් සම්බන්ධ වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම හරිත පෞද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුළත්වෙලා උසස් අධ්‍යාපනය හදාරා මගේ උපාධිය ලබාගත්තා.

පුංචි කාලේ හීනය වුණේ කවුරු වෙන්නද?

මගේ අම්මා භරත නර්තන ගුරුවරියක්. තාත්තා ශබ්ද පරිපාලකවරයෙක්. ඒ නිසා ඒ දෙන්නම කලාවට සම්බන්ධකම් තියෙන දෙන්නෙක්. පුංචි කාලේ ඉඳන් මම දැක්කෙ කලාවේ නියැලුණු ඒ දෙන්නවයි. ඒ නිසා මම පුංචි කාලේ ඉඳන්ම කලාවට සම්බන්ධ වෙන්න ආසා කළා. රඟපාන්න ආසා කළා.

පුංචි කාලේ ඉඳන් කලාවට සම්බන්ධ වෙන්න ආසා කරපු ඔබගේ රංගනයට එකතුවෙන හැරවුම සිදුවුණේ කොතැනින්ද?

2018 අවුරුද්දේ මම හිරු අවුරුදු කුමරා තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් අවසන් තිස්දෙනා අතරට මාව තේරුණා. ඒ වගේම කුසලතාපූර්ණ කුමරා කියන ජයග්‍රහණයත් මම ලබාගත්තා. ඒ තරගයෙන් පසුව මට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ දේවදත්ත චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. එය අධ්‍යක්ෂණය කළේ අකිල අබේරත්න. ප්‍රභාත් රෝෂන් සහ නිමන්ති පෝරගේ නිෂ්පාදනය කළා. ඒක මගේ ජීවිතේ හැරවුම කිව්වොත් වරදක් නැහැ.

අද වෙද්දි හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යයේ මම විශාල්ගේ චරිතයයි රඟපාන්නෙ. අද වෙද්දි විශාල්ට ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. තාමත් මගේ අඩුපාඩු ඇති. හදාගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතා ඉක්මනින්ම ඒ ලැබෙන උපදෙස් හා මඟපෙන්වීම් යටතේ අඩුපාඩු හදාගනිමින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

මේ වෙද්දි සැබෑ ජීවිතේ විදුරවි පෙම්වතෙක්ද?

නැහැ. මේ වෙද්දිනම් මම පෙම්වතෙක් නෙමෙයි.

මුහුණුපොතේ ශෙනායාට රුවටෙන්න එපා – ශෙනායා ඇනීසා

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැහැනෙ?

බැහැ. මගේ ප්‍රථම ප්‍රේමය පටන් ගත්තෙ මම පාසල් යන කාලෙදියි. පාසල් යන කාලේ නිසා අපිට මුණගැහෙන්න එහෙම ලොකු අවස්ථාවක් ලැබුණේ නැහැ. ගෙවල්වලට හොරා තිබුණු ප්‍රේමයක් නිසා හරිම බයෙන්, හරිම පරිස්සමට කරගෙන ගිය ප්‍රේමයක්. අපි පන්ති යද්දි මුණගැහුණා. හොරෙන් කතා කළා. කාලයකට පස්සෙ ඒ ප්‍රථම ප්‍රේමයට තිත තියන්න සිදු වුණා.

හිතට දැනුණු ප්‍රේමයක් තිබුණද?

ඔව්.. එහෙම ආදරණීය ප්‍රේමයක් තිබුණා. ඒ විශ්වවිද්‍යාලයේ යන කාලෙදි ඇතිවුණු ප්‍රේමයක්. ඒක හිතට සෑහෙන්න දැනුණු ප්‍රේමයක්. අද ඒ ප්‍රේමයත් මගේ ළඟ නැහැ.

විශාල් සහ විදුරවි අතර සමානකම් තියෙනවද?

ඔව්.. ආදරේදි විශාල් සහ විදුරවි ටිකක් සමානයි. මම ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. කෙනෙක් මට දැනුණොත් ඒ කෙනාව ලබාගන්න මම උත්සාහ කරනවා. පොඩ්ඩක් දඟයි. එක වගේ යන චරිත දෙකක් වුණත් පොඩි වෙනස්කම් කිහිපයකුත් තියෙනවා.

විදුරවිගේ ඊළඟ බලාපොරොත්තුව මොකක්ද?

මට සිනමාවට පිවිසීමට ආසාවක්, බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ලැබෙන චරිත පුළුවන් උපරිමයෙන්ම කරමින් මේ කලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න බලාපොරොත්තුවක් තියෙනවා.

විදුරවි ගැන ඒ විදිහට කියද්දි අපි ශෙනායාගෙනුත් පොඩි විස්තරයක් අහන්න අමතක කළේ නැහැ.

‍ශෙනායා… අපිට ඔයා ගැන විස්තර ටිකක් කියන්න?

මගේ නම ශෙනායා ඇනීසා. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි අක්කලා තුන්දෙනයි මමයි. මගේ අක්කලා තුන්දෙනාම දැන් විවාහකයි.

අක්කලා තුන්දෙනා එක්ක ගත කරපු ඒ ළමා කාලය කොහොමද?

ඒ ළමා කාලය නම් හරිම ෂෝක්. මම තමයි ඉස්සර අක්කලා තුන්දෙනා එක්ක ගොඩක්ම රණ්ඩු කළේ. හැබැයි ඒ අය එක්ක ලොකුවට කතා කරන්නෙත් නැහැ. ඉස්සර දඟයි.

ශෙනායා පුංචි කාලේ හීන දැක්කෙ කවුරු වෙන්නද?

ඇත්තටම පුංචි කාලේ මගේ තිබුණු හීනය මේකම තමයි. මම රඟපාන්න හරිම ආසයි. ඉස්සර ටී.වී. එකේ පුංචි ළමයි රඟපානවා නටනවා බලලා මමත් ඒ විදිහට රඟපාන්න ආසා කළා. &අනේ.. මටත් මේ විදිහට රඟපාන්න තිබුණා නම් හොඳයි* කියලා හිතපු දවස් අනන්තවත් තිබුණා.

ඒ හීනය හැබෑ වුණේ කොහොමද?

මම දිලීප ආරියරත්න සර් යටතේ නර්තනය ඉගෙන ගත්තා. සර් තමයි මුලින්ම මාව වෙළෙඳ දැන්වීම්වලට යොමු කළේ. ඒ වෙද්දි මට වයස අවුරුදු දාහතයි. ඊළඟට රෑප රචනාවලට සම්බන්ධ වුණා. මීට පෙර මම එක්තරා ටෙලිනාට්‍යයක රඟපෑවා. ඒක විකාශනය වුණේ නැහැ. ඒ නිසා හිත ළඟ හිනැහුණා මගේ මුල්ම ටෙලිනාට්‍ය රංගනයයි. ඒ වෙනුවෙන් ධනුෂ්ක රත්නායක අයියාටත් මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා ඇතුළු මුළු කණ්ඩායමටම ස්තූති කරන්න ඕනෙ. ඒ වගේම අශේන් අයියටත් ගොඩක් ස්තූති කරනවා.

කිරැලිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

කිරුලිට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මඟතොටදී දකිද්දිත් බොහෝ දෙනා ආ.. ඔයා කිරුලි නේද… කියලා අහනවා. ඒ ගැන හරි සතුටුයි. එක දෙයක් කියන්න ඕනෙ. මගේ නමින් Facebook හදලා බොහෝ දෙනා chat කරනවලු. හැබැයි මම Facebook නැහැ. ඒ බොරු fb වලට රුවටෙන්න එපා කියලත් මම ආදරයෙන් මතක් කරනවා.

මේ වෙනකොට පෙම්වතියක්ද?

මේ වෙද්දිනම් මම පෙම්වතියක් නෙමෙයි. මම ආදරය කරලා තියෙනවා. ඒත්.. ඒ ආදරය නතර කරන්න සිද්ධ වුණා.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවාද?

මම මේ ක්ෂේත්‍රයට හරි ආදරෙයි. තාමත් මම මේ ක්ෂේත්‍රයට අලුත්. තව ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඒ හැමදේම ඉගෙනගෙන හොඳ ගමනක් යන්න ආසයි. විදෙස්ගත වෙන්නත් පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.

දිශානි ජයමාලි  / සේයාරූ – සුමුදු හේවාපතිරණ

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්