Dec
7

හෙල්මටය පැළඳ කෑම උයමින් සිටියදී ගෑස් ළිප පුපුරලා

 
2487 Views
   
 

පෙරේදා (05 දා) සවස පන්නල – හෙට්ටිරිප්පුව ලීහිරියාගම පරදේශයේ පිහිටි නිවසක ආහාර පිසමින් සිටින අතරතුරදී එහි මුල්තැන්ගෙයි තිබූ ගෑස් ළිප පුපුරා ගොස් ඇති බව පන්නල පොලිසිය පවසයි. 

නිවෙස් හිමි කාන්තාව ආහාර පිසමින් සිටින අවස්ථාවේ විශාල ශබ්දයක් පිටකරමින් ගෑස් ළිප පුපුරා ගියත් ආරක්ෂක හෙල්මට් එකක් හිසේ පැළඳ සිටීම නිසා කිසිඳු අනතුරක් සිදු නොවුනු බව සිද්ධිය විස්තර කරමින් එච්. එස්. කුමාරි මහත්මිය කියා සිටියාය. 

කිලෝ ගරෑම් 12.5 ලිට්රෝ වර්ගයේ ගෑස් සිලින්ඩරයක් මෙම පුපුරා ගිය ළිපට සම්බන්ධකර තිබූ අතර රෙගුලේරයද අළුතෙන් සවිකළ එකක් බවද ඇය පැවසුවාය. 

අනතුර සම්බන්ධයෙන් පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්