Aug
31

නුදුරේදීම ජනසතු වන කැළණි නව පාලම

 
1018 Views
   
 

කොළඹ නව කැලණි පාලම කොළඹ නගරයට ප්‍රවිශ්ඨ වීමේදී ඔබ දැක ඇති අමුතුම අලංකාරයක් ගෙන එන්නකි. මෙහි ඉදිකිරීම් ඉදිරි මස එනම් සැප්තැම්බර් මස අවසානයේ නිම කොට ජනතා අයිතිට පත් කිරීමට නියමිතයි. මෙම නව කැළණි පාලම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවර සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා මාර්ගය දෙපස අලංකාරණය කිරීම සඳහා නිර්දේශිත ශාක ප්‍රභේද රෝපණය කිරීම කඩිනම් කරන ලෙස මහා මාර්ග අමාත්‍ය වරයා ඉදිකිරීම් අංශය වෙත දැනුම් දී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග කිහිපයක් මෙහි රෝපණය කිරීමට නියමිත වීමයි.

එනම්, කොබෝ,නීල,ඇහළ,මැයි,මාර,රොබොරෝසියා,කහ මාර,රත් මල්,මී,කුඹුක් ආදී ගස් වර්ග මෙම මාර්ගය දෙපස රෝපණය කිරීමට නියමිතයි. ඖෂධීය ශාක වන මේවා පරිසරයට අලංකාරය මෙන්ම ඉතාමත් වටිනාකමක් සහිත ඒවා වීම විශේෂත්වයකි. නිහඬව ,නමුත් රට සංවර්ධනය වන බවට මේවා සාක්ෂි නො වේද? මෙය ඉදිකිරීම් අවසන් වනවාත් සමග කොළඹ තදාසන්න ප්‍රදේශයක් වන මේ ප්‍රදේශය ආශ්‍රිතව වාහන තදබදයද අඩු වනු ඇත. සෞභාග්‍යයමත් දේශයක් කරා යන ගමනේ තවත් එක් කඩඉමක් මෙසේ නිමා වීමට නියමිතයි . (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්