Aug
9

බොරු ප්‍රචාර සහ ඇත්ත

 
823 Views
   
 

කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපතියේ කිසිදු වෙනසක් නැ ති බව රජය අවධාරණය කරයි. දේශීය කෘෂිකාර්මික කටයුතු සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජයේ කිසිම අ ව ස ර ය ක් හිමිව නැ ත. වගා සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමේ ජනාධිපතිතුමා විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණයේ කිසිඳු වෙනසක් සිදුවී නැ ත.

කෘෂිකර්ම අමාත්‍යවරයා ඉකුත් මැයි මස31 වනදා අමාත්‍ය මණ්ඩලට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛණිජ හා කිලේටඩ් අංශුමාත්‍ර පොහොර සංඝටක යොදාගනිමින් සැකසූ ශාකපෝෂක ආනයනය සඳහා ඍජු යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදීම සිදුවිය. එකී ස්වභාවික ඛණිජ හා කිලේටඩ් අංශුමාත්‍ර ශාකපෝෂක මේ වනවිට අංක.2226/48 දරණ ගැසට් පත්‍රය මඟින් ආනයනය තහනම් කර තිබූ සංකේත අංක යටතේ ගෙන්වන බැවින් ඉහත දක්වන ලද කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබාදී තිබූ අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ගැසට්පත්‍රය සංශෝධනය කෙරී ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ඉකුත් ජූලි 30 වන දින නිකුත් කර ඇති 2021 අංක 11 දරණ ආනයනය හා අපනයන පාලන නියමයන් අනුව පහත සදහන් වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනිකුත් ආයතන මඟින් විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබාදී ඇත.

කෘෂිකාර්මාන්තය සඳහා භාවිත කළ හැකි පොහොර වන්නේ අන්තර්ජාතික කාබනික පොහොර ප්‍රමිතීන් වලට අනුකූල අනුමැතිය ලබාදුන් කාබනික පොහොර පමණකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උත්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව සහ අදාළ අනිකුත් රාජ්‍ය ආයතන සිදුකළ සංඝනණයන්ට අනුව එම ආයතනයන් කළ ඍජු අධීක්ෂණ යටතේ මාස 6ක කාලයක් සඳහා නිකුත් කෙරෙන බලපත්‍ර මගින් හරිතාගාර තුළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි අයතනවලට සහ ජලපෝෂක වගා, වායු පෝෂක වගා සහ විසිතුරු මල් වගා කටයුතු සඳහා පමණක් නයිට්‍රජනීය ඛණිජ හෝ රසායනික පොහොර සහ කිලේටකරනය කරන ලද ඛණිජ සහ ක්ශුද්‍ර පෝෂක ආනයනය සඳහා අවසර ලබාදී ඇත.

ඉහත සඳහන් බලපත්‍ර මඟින් ඛණිජ හෝ රසායනික නයිට්‍රජන්, පොස්පරස් කැල්සියම් යන ශාක පෝෂක තුනම අඩඟු මිශ්‍ර පොහොර සහ ඒවායින් දෙකක් අඩංගු කරමින් සාදන ලද මිශ්‍ර පොහොර කරල් හෝ නිශ්පාදන අඩංගු බර 10kg ක් හෝ ඊට වඩා අඩුවෙන් සකස් කරන ලද පැකට් සඳහා අවසර ලබාදී ඇත.

එම සියලු පොහොර ආනයනයට අදාළ අවශ්‍ය ආයතන මඟින් අවශ්‍යතා අනුව හෝ එම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අදාළ ප්‍රමාණයන් සඳහා පමණක් නිකුත් කරන විශේෂ වූ බලපත්‍ර යටතේ පමණක් ආනයනයට අවසර හිමිවේ. මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ හා ඛණිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර ඒවා රසායනික පොහොර ලෙස වර්ග කෙරෙන්නේ නැ ත.

නීරෝගීමත් සහ ඵලදායි පුරවැසියෙක් බිහිකිරීමට රජය විසින් වස විසින් තොර ආහාර වේලක්  සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කල යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මාන්තය සඳහා මුලුමනින්ම කාබනික පොහොර යොදාගැනීමට එම නිශ්පාදන වේගවත් කලයුතුය යන්න සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුවයි. එම පොරොන්දුව දැනටමත් මල්පල ගැන්වී ඇත. සැමට නීරෝගී දේශයක් වෙනුවෙන් සටන් කරමු. එක්ව දිනමු.
රෂිකා සඳමාලි හෙන්නායක

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්