Jul
25

මෙරට තුළ සිදු වන කොරෝනා ම’රණ ගැන විශේෂ හෙළිදරව්වක්

 
1342 Views
   
 

දින 9කට පසුව ඊයේ (24) කොරෝනා ම’රණ වාර්තාවීම පනහේ සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව පෙරේදා තහවුරු කරන ලද ම’රණ 52 ක් ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළ අතර, ඒ අනුව මෙරට සමස්ත ම’රණ සංඛ්‍යාවද 4,054 දක්වා ඉහළ ගියා.

කොළඹ ඊයේ  (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ පසුගිය දිනවල කොරෝනා වැළදී මි’යගොස් තිබුණේ එන්නත් ලබානොගත් පුද්ගලයින් බවයි.

මෙරට පළමු කොරෝනා රැල්ලෙන් මි’යගොස් තිබුණේ පුද්ගලයින් 13 දෙනෙකු පමණක් වන අතර, දෙවන රැල්ලෙන් පුද්ගලයින් 591 දෙනෙකු මි’යගොස් තිබුණා. මීට මාස 3 කට පමණ ඉහතදී ආරම්භ වූ තුන්වන රැල්ලෙන් පමණක් මේ වනවිට මි’යගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 3,450 ක්.

මේ අතර, නව කොරෝනා ආසාදිතයින් 1737 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 294,850ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 1707 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 30 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව ආසාදිතයින් 24,183 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 266,665ක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්