Nov
12

“මම රඟපාන්නේ ඇවිදින්න ඕන නිසා” – ශ්‍රීමාලි ෆොන්සේකා

 
2291 Views
   
 

අවුරුදු දහයකට පෙර ආසියානු විවාහක රූ රැජන වූ ශ්රීමාලි ෆොන්සේකා ගැන අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැහැ. රූ රැජන වීමෙන් පසු ඇය රඟපෑවේ තෝරාබේරා ගත් චරිත පමණයි. පසුගිය කාලයේ ඇමරිකාවේ පදිංචියට යන ඇය හදිසියේ ලංකාවට පැමිණියත් කොරෝනා නිසා තම මව් රටේ හිරවෙනවා. ඒ කාලය තුළ ඇය සකර්ම නාට්යයේ සුමාලි හා මල් පිපෙන කාලේ චරිතයෙන් ප්රේක්ෂකයා අතරට නැවතත් පැමිණෙනවා.

සුමාලි චරිතය ටිකක් අමුතුයි වගේ නේද?

ඇත්තටම මට නම් ටිකක් අමුතුයි. මොකද මම ජීවත් වුණේ නාගරික පරිසරයේ… ඊට පස්සේ ඇමරිකාවේ. මෙතෙක් රඟපෑවේ නාගරික යුවතියකගේ චරිත. ප්රථම වතාවට තමයි දුක්විඳින ගමේ ගැහැනියක් ලෙස රඟපාන්නේ… ඔබ කැමැතිද මේ චරිතයට… ඇත්තටම මම කැමැතියි…දරුවෙක් එක්ක තනිවෙලා මිනිසුන්ගේ තා න පීඩන මැද්දේ ජීවත්වෙන්න වෙර දරන කර්කස ගැහැනියගේ චරිතයට මම කැමැතියි. මේ නාට්ය නිසා තමා මම දැනගත්තේ ඇත්තටම එහෙම ගැහැනු මේ සමාජයේ ජීවත්වෙනවා කියලා.

කොහොමද චරිතයට හැඩ ගැහුණේ?

ලොකු අභියෝගයක්. මුලින්ම මම බැහැ කියලා කිව්වේ. නමුත් අධ්යක්ෂතුමා කිව්වා මට ඒ චරිතය කරන්න පුළුවන් කියලා. මුලින්ම රඟපාන්න තිබුණේ දිය රෙද්දක් ඇඳලා නාලා එන දර්ශනයක්. මම දන්න විදිහට ඇවිදගෙන ආවා. එතකොට අධ්යක්ෂ කියනවා කැට්වෝක් දාල යන්න එපා කියලා. මොකද මට පුරුදු පැෂන් ෂෝවල ඇවිදලානේ.

මීට කලින් දිය රෙද්ද ඇඳලා තියෙනවාද?

කවදාවත්ම නැහැ. මම වැව්වල නාලා නැහැ. දොළවල්වල නාලා නැහැ. ඇත්තටම කට්ටිය මැද්දේ දියරෙද්ද ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුණේ.

01.

රූපගත කිරීම් කළේ කොහේද?

මහව, යාපහුව, දළදාගම වගේ ප්රදේශවල තමයි රූපගත කිරීම් කළේ. නාට්යයේ මගේ ගෙදර විදිහට අරගත්තේ දුප්පත් පැලක්. ඇත්තටම ඒ ගෙදරත් පවුලක් ජීවත් වෙනවා. මට හිතාගන්න බැරි වුණා අවම පහසුකම් යටතේ මෙහෙම ජීවත්වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ මිනිස්සු සතුටින් ඉන්නේ.

ඇයි ඔබ සතුටින් නෙවෙයිද ඉන්නේ?

අපිට ප්රශ්න ගොඩාක් තියෙනවා. විවිධ අවස්ථාවල විවිධ ගැටලු. ඒවා දැක්කම අපි ඒ මිනිස්සු තරම් සතුටින් නෙවේ.

ඇයි එහෙම කියන්නේ?

අපි විසින් ජීවිතේ සංකීර්ණ කරගෙන. ඒ මිනිස්සු ඇළෙන් නාලා දොළෙන් වතුර බීලා තියෙන දෙයක් කාලා බීලා ස්වාභාවික පරිසරයක් එක්ක ජීවත් වෙනවා. අපි හොයන්නෙම අඩුපාඩු විතරයිනේ.

ජීවිතේ ලොකු වෙනසක් අත්විඳලා වගේ?

පැහැදිලිවම ඔව්. ඒ ගම් ඇතුළට යන්න යන්න දුෂ්කර වුණාට ලස්සනට ජීවත් වෙනවා. ලස්සන ගෑනු ළමයි ඉන්නවා. ඒ අය දොළට ඇවිත් නාලා ඇඳුම් ටික සෝදාගෙන යනකොට හිතෙනවා අපි මොනවද කරන්නේ කියලා. මමත් මේ දවස්වල සකර්ම නිසා ඒ ජීවිතේ අත්විඳිනවා. ඇළේ දොළේ නාලා ගමේ කෑම කාලා සතුටින් ඉන්නවා.

02.

මල් පිපෙන කාලේ වෙනස් චරිතයක් නේද?

ඉහළ පැලැන්තියේ අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඒකනම් මට අමාරු නැහැ. රාගල ප්රදේශයේ තමා රූපගත කිරීම් කරන්නේ. හරිම ලස්සන ලොකේෂන්..සෙන් ජෝන්ස් කියන වතුයායේ තමා මේ දවස්වල රූපගත කිරීම් කරන්නේ. 

ලංකාවේ දෙකොනක රඟපානකොට අමාරු නැද්ද?

මම අමාරුයි කියලා හිතන්නේ නැහැ. මොකද මම ඇවිදින්න හරිම කැමැතියි. මම රඟපාන්න ආවෙත් ඇවිදින්න තියෙන ආසාව නිසා. මහව යනවා. රාගල යනවා.. ඒ යන එන ගමන් ජීවිතේ අත්විඳිනවා.

ලංකාවෙන් ඇමරිකාවට ගියේ පදිංචියට නේද?

එහෙම හිතාගෙන තමයි ගියේ.. කෙටි නිවාඩුවකට ලංකාවට ආවේ..කොරෝනා ප්රශ්නය නිසා මෙහෙ හිරවුණා. ඒ දවස්වල තමයි මේ නාට්ය දෙක භාරගත්තේ

දැන් ආයේ යන්නේ නැද්ද?

යන්න වෙනවා. මොකද දුවගේ ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් මට ඒ කැප කිරීම කරන්න වෙනවා. නමුත් මම වැඩ කරන නාට්ය දෙක නිසා සිතට ලැබෙන සතුටට දාලා යන්න හරිම ලෝභයි. ඒ තරමට සුන්දර දර්ශන තල දෙකක වැඩ කෙරන්නේ. ගොඩාක් පරක්කු වෙලා නේද ඔබ රංගනයට එන්නේ.. මටනම් එහෙම හිතන්නේ නැහැ… නිසි කලට නිසි දේ ලැබුණා කියලා මම විශ්වාස කරනවා. දැන් මම වැඩ කරන්න අරගෙන අවුරුදු දහයක් වෙනවා. බොහොම හිමින් ගමනක් ඇවිත් බොහෝ දේ අත්පත් කරගත්තා.

ජනප්රියත්වට කැමැති නැද්ද?

කොහෙත්ම නැහැ. මට ඕන ජීවිතේ විඳින්න..මම ජනප්රියයි කියලා කෑගහනවට වඩා මගේ හිත සතුටින් තියාගන්න පුළුවන්නම් මට වෙන කිසිම දෙයක් එපා…

03.

 04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

ක්රිෂාන්ත පුෂ්පකුමාර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්