Aug
25

මගේ ගාණ 10, 000යි පැයකට. ඒක කවදාවත් කස්ටමස්ලා මගෙන් ගාණ අඩු කරන්න පුළුවන්ද කියලා අහලා නෑ, ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මගේ එෆෙයා එකක් තිබුණා. එයා දැනන් හිටියා මම ඩීල් යන බව – ප්‍රසිද්ධ නිරූපිකාව ශෙනායාගේ කතාව

 
22698 Views
   
 

මල්ලිට මොන වගේ කතාවක්ද ඕනි? ලිෆ්ට් එකේ උඩ පහළ යන අතරේ දුරකථන ඇමතුමකට ගොඩ වැදුනු නන්නාඳුනන්නිය. මම ඒ නුහුරු නුපුරුදු නොම්බර පේළිය කටපාඩමින් කියව්වා.

එස්කියුස් මී.. ඇත්තටම මට ඔයාව අඳුරන්න බැ හැ.. මම ඇත්තම කිව්වා. ඒ එකී කවුරු වුණත්, මාව හොඳින් දැන අඳුනන එකියක්. අවසානයේ හිනා පේළියක් එක පෙළට ඇහෙනකොට මම අනුමාන කළා ඒ ඇත්තී ඒ කෙනාම වග. ඇයි අනේ ඔච්චර ඉක්මනට අමතක වුණාද? එදා මල්ලි මගේ ඉන්ටව් එකක් ගත්තේ ස්පා ෆීල්ඩ් එක ගැන මතකද? එයා මාව මෙරිගෝ රවුන්ඩ් එකක් අරන් ගියා. මම මතක බොහෝමයක් අස්සෙ මට සමීප මතක වස්තූන් කිහිපයක් හිතේ ඇඳගත්තා. මේ ඉන්නෙත් ජීවිතේ විඳවන එකියක්. පුදුම හිතෙන විදිහේ ආකාශ වස්තුවක්.!

මම ඔයාට තිබ්බ නම සෙනුරිද, උදාරිද, මිහිරිද කියලා මතක නෑ. ඊළඟට මම ආයෙම හෑන්ඩ් ෆ්‍රී එක කනේ ගහගෙන අතීත පිටු පෙරළන්න ගත්තා. ඇත්තම කිව්වොත් මටත් මතක නෑ හැබැයි මගේ කතාව ගොඩක් අය කියවලා තිබුණා. ඒක නෙවෙයි, මට දෙන්න තියෙනවා වෙනස්ම විදිහේ කතාවක්. හැබැයි…. මේක ෆීල්ඩ් එකේ ජනප්‍රියම කෙනෙක් ගැන. එයා දැන් නම් ෆීල්ඩ් එකේ නැ හැ. කාලයක් හිටියා, මොඩ්ලින් කළා. පැජන්ඩ් වලට ගියා, ඔය තව තව අටමඟුල් හැම එහෙකටම වගේ. ඒ ගමන් ස්පා වැඩ කළා. කොල්ලොන්ගෙන් පුදුම ඉල්ලුමක් තිබ්බේ ඒකිට. ඇත්තම කිව්වොත් ඒකි හරි කියුට්. ඒ උත්තමාවිය කතාවට ආරම්භය දුන්නා. මම හෙමින් ඒ ස්වර ගැළපීම් ඇතුළේ දුව ඇවිද්දා.

ටිකක් ඉන්නවද? අඩුම මම ඩයරියක්වත් ළඟට ගන්නකන්. ඔයා එතකොට මට එයාගේ නම කියන්නෙවත් නැද්ද? මම ඇහුවේ කුතුහලය නිසාම. විකාරද හොඳට හිටී නම කිව්වත් ඔයා නො ලියන බව මම දන්නවා. හැබැයි ළඟ ඉන්න කවුරුහරි ඇහුවොත් ඔයාට කියවෙන්නත් පුළුවන්. එයා කැමතිද මම එයාගේ කතාව ලියනවට? මම ඊළඟට ආයෙම ඇහුවා. අපොයි ඔව්. එයාම තමයි මට කිව්වේ, කතාව ඔයාට යවන්න කියලා. මම ඔයාගේ නොම්බර් එක එයාට දෙන්නම්. ඉක්මණින් එයා කතා කරයි.

ඒත් ඒක ගොඩක් ඉක්මණින් සිද්ධ වුනේ නැ හැ. හරියටම සතියක් දෙකක් විතර ගෙවුණාට පස්සේ, මගේ වට්ස්ඇප් එකට එකෝමත් එක අංක දහයකින් ඔයා නේද අර කතා ලියන කෙනා? කියලා මැසේජ් එකක් ඇවිත් තිබුණා. ඔව් මගෙන් කෙටි පිළිතුරක්. හිනාවෙන ඉමෝජියක්..!! (මම පිළිගන්නවා, ඒක අ නවශ්‍ය දෙයක්. ඒත් දැන් යවලා ඉවරයි.) විනාඩි තිහ හතළිහකට පස්සෙ එයා මගේ වට්ස්ඇප් එකට ගොඩවුණා. හීනි හඬකින් ඒ උත්තමාවීය කතන්දරේ මුල, මැද, අග ගළපන්න ගත්තා. ඒත්… අ වසානයට මේ “සීරිස් එක ටිකක් වෙනස් විදිහට ලියමු”, කියලා මම කරපු යෝජනාවට ඒ “නිරූපිකාව” එකඟ වුණා.

“ඉස්සරම මගේ අම්මා කියනවා මේ ලෝකේ තියෙන උත්තරීතරම දේ, කෙල්ලෙක්ගේ කන්‍යාභාවය කියලා. අවුරුදු 16දී මට ඒක නැ ත්තටම නැ ති වෙද්දිත්, මම ඒ වගක් අම්මට දැනෙන්න ඇරියේ නෑ. අවුරුදු 19 දී මාව බලන්න ආපු මනමාලයව පැත්තකට අරන් ගිහින් මම ඒ රහස මුලින්ම කිව්වා. මම පිරිසිදු එකියක් නො වන බව. මම හැමදාම ආස කළේ නිදහස් ජීවිතේකට. කොල්ලෝ මට නී ති දානවට, මාව කම්බි වැටවල් ගහලා ආරක්ෂා කරනවට මම ආස වුනේ නෑ.

ඔයා රැඩිකල් කෙල්ලක් වෙන්න හීන දැක්කා? ඔව් කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්. මට ලංකාවේ තරුවක් වෙන්න හීනයක් තිබ්බා. බො රු කියන්න ඕනි නෑ නේ. හැමෝම දන්න කියන කෙනෙක් වෙන්න ඕනි වුනා. ඒක ලේසි නෑ කියලා මම දැනගත්තා. එහෙම වෙන්න නම් මට කැපකිරීම් අනන්තවත් කරන්න වෙනවා. ෆීල්ඩ් එකට එන්න ෂෝට් කට් ගොඩාක් තියනවා. මම එයින් එකක් තෝරගත්තා. වැඩේ හරි ගියාද ඉතින්. මම බටර් ජෙල් පෑන හපාගත්තා. ඔව්… මොකද නැ ත්තේ? ටික කාලෙකින්ම ගොඩක් අයගේ ඉල්ලුමක් බවට මම පත්වුණා. ඒකේ තේරුම මම හැමෝම එක්ක යහන්ගත වුණා කියන එක නෙවෙයි. නැ ත්තෙත් නෑ. ඒත්… මට අප්පිරියා සහගත මිනිස්සු එකක් මම ඉඳලා නෑ.. ස්පා සීන් එකේදී වුනත් මට අ කැමැත්තක් දැණුනොත් මොකෙක් හරි එකෙක් ගැන, මම ඌව එක්කන් යන්නත් කලින්ම රිජෙට් කරනවා.

මට මේක කියන්නකෝ. ටිකක් ඉන්න.. ඔයාට නමක් දැම්මෙත් නෑ මම. කමක් නැද්ද ශෙනායා වගේ නමක්. කමක් නෑ ඒක හොඳයි. මට කියන්න…. ඔයා මුදල් වලට විකිණෙන, අපේ භාෂාවෙන් කිව්වොත් ග ණිකාවක් වුණාද? ඔව්. මොකද නෑ කියන්න උවමනාවක් නෑ මට. කොහොමත් ස්පා එක ඇතුළේ වෙන්න ඒ දේනේ. මාත් සල්ලි හම්බ කළා හොඳට ඒකෙන්. එක පැත්තකින් මම හැමෝම දන්න නිරූපිකාවක් වෙද්දි, තව පැත්තකින් ලොකු මුදලකට අලෙවි වෙන ග ණිකාවක් වුණා. දන්නවද? මගේ ගාණ 10, 000යි පැයකට. ඒක කවදාවත් කස්ටමස්ලා මගෙන් ගාණ අඩු කරන්න පුළුවන්ද කියලා අහලා නෑ. කොටින්ම මට වැඩිපුර හම්බුණා මිසක් අඩුවෙන් හම්බෙලා නෑ. එයාලා කියන විදිහට මම වගේ එකියක් 10,000ට පට්ට ලාබයිලූ.

ඒකිගේ කතාව අතරමඟක නැ වතුණා. මට ඇහුණා ඒකි අමාරුවෙන් හුස්ම ගන්න හඬ. ඒකිගේ හෘද සාක්ෂියෙන් ගැළවුමක් නැ තිම තැ න, හීනියට ඉකියක් පිට කරන හඬ. නැ වතුමක් නැ ති සුසුම් වැස්සකට පස්සෙ තෙතබරිත වෙච්ච පොළෝ කැබැල්ලක වැතිරිලා ගිමන් නිවන හඬ. මේක ආත්ම කතාවක්. ඇස් රිදෙන, තෙතබරිත වෙන, හැම එකියක්ම කියවන්න ඕනි කතාවක්. එක ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මගේ එෆෙයා එකක් තිබුණා. එයා දැනන් හිටියා මම ඩීල් යන බව. එයා ඇත්තටම බැඳපු කෙනෙක්. මට හොඳට සැලකුවා. මම දන්නවා වයිෆ්ටත් වඩා හොඳට සැලකුවා. එයා මටයි එයාටයි ඉන්න වෙනම ඇනෙක්ස් එකක් අරගත්තා. සතිඅන්තේට අනිවාර්යෙන්ම එයා මා එක්ක තමයි ඉන්නේ. ඒත් දවසක්. අපි දෙන්නා අතටම අහුවුණා.

කාගෙද ඒ හාදයාගේ වයිෆ්ගේ? මම පෑන් කොපුව හපාගත්තා. කතා නායිකාව (දැන් එයාගේ නම ශෙනායා.) ටික වෙලාවක් මුනිවතින් උන්නා. තප්පරයක් දෙකක් තුනක් පහක් හයක් අන්තිමට.. ඔව් අර පතාක යෝධයාට මම තුරුළු වෙලා ඉද්දීම ඇනෙක්ස් එකට ඒ යෝධයාගේ අයිතිකාර නෝනා කඩා පැන්නා. වට්.. ඊටපස්සෙ මොකද වුනේ..?

මෙහි දෙවැනි කොටස මෙතනින්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්