Oct
29

Facebook සිය සන්නාමය Meta ලෙස වෙනස් කරයි

 
1363 Views
   
 

Facebook මව් සමාගම විසින් සිය සන්නාම නාමය meta ලෙස යාවත්කාලීන කර තිබෙනවා.

Facebook සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් මේ බව මීට පැය කිහිපයකට පෙර නිල වශයෙන් නිවේදනය කළා.

Facebook පරිශීලකයන්ගේ දත්ත කාන්දුවක් සිදු වූ බවට තොරතුරු හෙළිදරව් වීමත් සමග මෙම නාමය වෙනස් කිරීමට ඔහු වඩාත් පෙලඹී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

මේ අතර Facebook සමාගමේ සන්නාම නාමය වෙනස් කිරීමත් සමග එම සමාගමේ මූලස්ථානයේ පිහිටි Like ලකුණ සහිත තිරමය පුවරුව පහතට ඇද දමා ඒ වෙනුවට මෙටා නාමය සහ ලාංඡනය සහිත පුවරව ස්ථාපිත කිරීමට Facebook කාර්ය මණ්ඩලය කටයුතු කරනු දක්නට ලැබුණා.

Meta යනු අතත්ය ලෝක පරිසරයන් තුළ වැඩ සහ ක්රීඩා භාවිතා කරන හවුල් වර්ධිත යථාර්ථයට සමාගම සංක්රමණය වීම සඳහා වූ මාර්ක් සකර්බර්ග්ගේ දැක්ම වන Metaverse යන දීර්ඝ නාමයේ කෙටි යෙදුමයි.

කෙසේ නමුත් Facebook මව් සමාගමේ නාමය වෙනස් කළද Facebook App එකෙහි නාමය වෙනස් නොවන බවයි සමාගම පැවසුවේ.

මෙලෙස නාමය වෙනස් කරනු ලැබුවේ Facebook Messenger, Whatsapp, සහ Instagram අයත් මව් සමාගමේ නාමයයි.

ඒ අනුව දෙසැම්බර් මස 01 වනදා සිට MVRS යන වෙළඳ නාමය යටතේ Facebook මව් සමාගම සිය වෙළඳ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්