Feb
14

” මගේ එකම හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න” නාඩ්ගම්කාරයෝහි කුකුලා මුදලාලිගේ දුව ජානු අමීෂා කියන කතාව

 
855 Views
   
 

මේ දිනවල ලංකාවේ හැමෝම අතර කතාබහට ළක්වන සුන්දර රංගන ශිල්පිනියක් තමයි මධුෂානි පෙරේරා කියල කියන්නේ. කොහොම නමුත් ඇයව මෙරට බොහෝදෙනෙකු හදුනන්නේ මධුෂානි පෙරේරා කියන නමට වඩා නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍යයේ කුකුලා මුදලාලිගේ දුව ජානු හැටියටයි. ඇත්තෙන්ම ඇයට වර්තමානයේ ජානු කියන චරිතය හරහා විශාල ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා. කොහොමහරි ඉතින් ඇයනම් කියන්නේ මේ දිනවල තමන්ට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරය නම් කිසිදු අඩුවක් නැහැ කියලයි

මධුෂානි පෙරේරා එහෙමත් නැතිනම් නාඩ්ගම්කාරයෝහි ජානු ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත් ?

මට පාරේ බැහැලා යන්න බැරි විදියට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. වයස් භේදයක් නැතුවම හැමෝම ජානු කියන චරිතයට ආදරේ කරනවා. ඒ වගේම ගොඩක් අය ජානු කියන චරිතය ගැන කතා කරනවා. සමහරු මට බනින අවස්ථා තියෙනවා. ඒ මම කෑ ගහන විදියට. ගොඩක් අය මට කතා කරන්නෙත් කුකුල් බබා කුකුළු කෑල්ල කියලා

ඔබේ විවාහය ගැන කතා කරනවානම් දැන්ම විවාහ වෙන්න ඔබේ අදහසක් තියෙනවද ?

මේ දවස් වල අම්මා හොයනවා කෙනෙක්ව. අම්මට හරියන කෙනෙක් ලැබුණොත් මම විවාහ වෙනවා. මටම තවම කෙනෙක් ලැබිලා නැහැ. මම ඒ ගැන එහෙම ලොකුවට හිතන්නෙත් නැහැ. සමහරුන්ගේ හිත්වල එක එක චරිත ඉන්නවා නේ. හැබැයි මගේ හිතේ එහෙම චරිතයක් වත් නැහැ. කාලය ආවහම සමහරවිට මගේ හිතටත් කෙනෙක් ඒවි. දැනට මම තනිකඩ නිසා විවාහයක් ගැන හිතන්නේ නැහැ

ඇත්තටම ඔබට මේවෙනකොට කලාව තුළ හොඳ ගමනක් යන්න පුලුවන් වෙලා තිබෙනවා. ඉතින් පාසල් කාලේ ඉඳන්ම ඔබ ආස කළේ නිළියක් වෙන්නද ?

පාසල් කාලේ මම කලාවට කොච්චර අකමැති ද කිව්වොත් මට සින්දුවක් කියන්න අඬ ගැහුවොත් මම මාරු වෙලා යනවා. ඒ තරමට කලාව කියන දේට අකමැති. මගේ එකම හීනය වුණේ ගුවන් සේවිකාවක් වෙන්න. හැබැයි ඒ හිනය අසාර්ථක වෙලා අවසානයේ මම කලාවටම සම්බන්ධ වුණා. කොහොමත් මම වෘත්තියක් විදියට කලාව තෝරාගත්තත් මගේම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය රූපවාහිනියෙන් නාට්‍ය බලනකොට තමන්ගේ හිතට දැනෙන අදහස ගැන කියන්නේ මේවගේ කතාවකුයි ” බොරු කියන්නේ මොකටද මගේ කෑගැහිල්ලට මටම කේන්ති යනවා. වෙලාවකට ජානුගේ කෑගැහිල්ලට අපේ අම්මා කියනවා ටීවී එකේ සද්දෙ අඩු කරන්න කියලා. ඒ තරමට ඒක සද්දෙන් ඇහෙනවා. අපේ අම්මටත් ජානුගේ සද්දෙ ප්‍රශ්නයක් වෙලා” කියලයි

සැබෑ ජීවිතය තුළ ඔබ කොයි වගේ කෙනෙක්ද කියල කිව්වොත් ?

සැබෑ ජීවිතයේ මම ඉන්න විදියට හාත්පසින් වෙනස් චරිතයක් තමන් මම රඟපාන්නේ. ඒක කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. මොකද මම හිමින් කතා කරන කෙනෙක්. මගේ පාඩුවේ නිදහස්ව ඉන්න. මට යාලුවෝ ගොඩක් නෑ. හැබැයි ජානු කියන චරිතය ඊට හාත්පසින්ම වෙනස්. සමහර වෙලාවට මටමාව පාලනය කර ගන්න අමාරුයි. කොහොම වුනත් මම නිදහස්ව ජීවත් වෙන්න කැමති කෙනෙක්

කොහොමහරි ඉතින් නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍ය ඔස්සේ ලාංකිකයන් අතර ජනප්‍රියත්වයට පත් මධුෂානි පෙරේරාට ඇගේ ඉදිරි කලා කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපිත් හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්