තුන්වරක් වැසූ රටක් අතිශය වෙහෙසකාරී ක්‍රියාවලියකින් පසුව ඉතාමත් අමාරුවෙන් සාමාන්‍ය තත්වයට පත්වෙමින් ඇත. එදා ඉදන්ම අප කිව් පරිදි මෙය රජයකට තනිවම පාලනය කල නොහැකිබව මුලින්ම පිලිගත යුතුය. රෑට රෑට අප යන ගමන් ගැන සොයා බලනවාට වඩා ප්‍රශ්ණ පත්‍රයක් රජය සතුව ඇත. රට වැසුවත් රට ඇරියත් බැණුම් අසන්නෙ රජයමය. ගෙදර සිට අපිට ආණ්ඩු කල හැකි නමුදු ජනතාවගෙන් පත්වූ රජයකට එසේ කල නොහැකි බව අප අවබෝධ කරගන්නා තුරු කොරෝනා වසංගතය පාලනය කල නොහැකි බව අපගේ මතයයි. අපි මෙහෙම කියන්නෙ පසුගිය දිනවල පුවත්වල තිබූ පහත සිරස්තල ගැන අවධානය යොමු කරමින්. මිනිසුන්ගේ නොසැලකිලිමත් හැසිරීම් ගැන බලධාරීන් අසතුටට පත් වෙති රට තුළ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඇති වූ නොසන්සුන්කාරී ආකල්පය පිළිබඳව බලධාරීන් දැඩි අවධානය යොමු කර තිබේ.
ආගමික ස්ථාන සහ වෙනත් ස්ථාන සඳහා ජනතාව විශාල වශයෙන් රැස්ව සිටින බව පෙනෙන්නට තිබේ.
අත ළඟ ඇති අවදානම නොදැන මිනිසුන් දේවල් සුළුකොට තකමින් විනෝද වන බව පෙනෙන්නට තිබේ.
වසංගතය අවසන් වූවාක් මෙන් මිනිසුන් හැසිරෙන ආකාරය දැකිය හැකිය. ජීවිතයේ හමුවන අවසාන අවුරුද්ද පසුගිය අප්‍රියෙල් මස බව සිතූ පිස්සු මිනිසුන් නිසා සිදුවූ කලබගෑනිය අපිට කොහෙත්ම අමතක නැත. කිසියම් දෙයක් සිදුවූ විගස එය විවේචනය කරන්නේත් පිස්සු කෙලින ඔය මිනිස්සුම බවත් දැන් අපි හොදටම දනිමු. අපි වැදලා හෝ ඉල්ලන්නෙ රට නැවතත් වස්සන තැනකට ඔබගේ පිස්සු කෙලිල්ල යොමු නොකරන ලෙසටය. අල්ලපු ගෙදර කෙනා ඇදිරි නීතිය කඩකල නිසා තමන්ද එය කඩ කරන, බෝම්බයක් දුටු විට පැන නොයා එය අතටත් රැගෙන බලන කොටින්ම එලියට එන්නට එපා වෙඩි තියනවා කිවූ පසු ඒ කිව්වෙ කවුද කියා බැලීමටම ගොස් වෙඩි කන පිස්සු මිනිසුන් ඉන්නා රටක නීතිය ක්‍රියාත්මක කිරීම අති දුෂ්කර කාර්‍යයක් බවද අපි දනිමු. කෙසේ හෝ ඒ පිස්සු මිනිස්සුන්ගේ පිස්සු කෙලිල්ල අපිටද බලපාන නිසා මෙවරවත් ඒ සුපුරුදු පිස්සු කෙලිල්ල නවත්වන ලෙස අපි එම පිස්සු කෙලින මිනිස්සුගෙන් කාරුණිකව මෙසේ ඉල්ලා සිටිමු. (උපුල් දේවප්‍රිය)