
අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ගතවූ පැය 24 තුල ම ර ණ 94ක් වාර්තාවී ඇති බවයි. නමුත් තවත් කොවිඩ් ම ර ණ 17ක් වාර්තා වීමත් සමග ඊයේ දිනයේදී මෙරටින් වාර්තාවූ කොවිඩ් ම ර ණ සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව දිනක් තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දෛනිකව තහවුරු කළ වැඩිම කොවිඩ් ම ර ණ සංඛ්‍යාව වේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ම ර ණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5222ක්. මෙම ම ර ණ අතර පිරිමි පුද්ගලයන් 56ක් සහ කාන්තාවන් 55ක් වනවා.
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ ම ර ණ 21ක් ඊට අයත්. ඒ අතර පිරිමි පුද්ගලයන් 15ක් සහ කාන්තාවන් 06ක් වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 41ක් සහ කාන්තාවන් 49ක් ද මි ය ගිය පිරිසට අයත්.