Dec
16

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවර වන ජපානයේ රැකියා දොරටු

 
1769 Views
   
 

අතිගරු ජනාධිපති තුමා සහ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුලු රජය ජාත්යන්තර ප්රජාව සමඟ මනා සබඳතාවක් ගොඩනඟා ගෙන තිබේ.

විශේෂයෙන්ම ආසියාතික රටවල් සමඟ පවත්නා මිතුදම කැපී පෙනේ. අතීතයේ සිට අපේ රටේ කුළුපග මිතුරෙකු වූ ජපානය විසින් ශ්රී ලාංකික ජනතාවට රැකියා සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ

. පුහුණු ශ්රමිකයන්ට ජපන් රැකියා අවස්ථා ශ්රී ලංකාවෙන් පුහුණු ශ්රමිකයන් ගෙන්වා ගැනීමට ජපාන රජය උනන්දු වන බව ශ්රී ලංකාවේ නව ජපාන තානාපති ලෙස පසුගියදා වැඩභාරගත් මිසුකොෂි හෙදකි (Mizukoshi Hideaki) මහතා පසුගියදා අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ප්රකාශ කළේය.

පසුගිය වසර කිහිපය තුළ අඩු නිපුණතා සහ නිශ්චිත පුහුණු ශ්රමිකයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් ශ්රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් දෙකකට එළැඹ තිබේ.

විදේශ අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන පරිදි නිශ්චිත පුහුණු ශ්රමිකයින් බඳවා ගැනීමේ වැඩසටහන (SSWRP) යටතේ ශ්රී ලංකාවෙන් ජපානයට ක්ෂේත්ර 14ක් යටතේ සේවකයින් බඳවා ගැනීමට අවසර දී ඇත.

ජපන් භාෂාව ඉගෙන ගැනීමට මෙන් ම ජපානයේ රැකියා අවස්ථා සඳහා අපේ තරුණ ප්රජාව තුළ උනන්දුව වැඩි වෙමින් පවතින බව අග්රාමාත්ය තුමාමෙහි දී පෙන්වා දුන්නේය.. සිය ධුර කාලය තුළ මෙරට ආයෝජන ප්රවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙන් පසු වන බව ද මිසුකොෂි හෙදකි මහතා පැවසීය.

දැනට ශ්රී ලංකාව තුළ ජපන් ආයෝජන ව්යාපෘති 75 ක් පමණ ක්රියාත්මක වේ. පසුගිය වසර 15ක කාලය තුළ ජපානය ඩොලර් මිලියන 382ක් පමණ ආයෝජන කර ඇති අතර එමඟින් රැකියා අවස්ථා 12,000 කට වැඩි ප්රමාණයක් උත්පාදනය කර ඇත.

ජපාන රජයේ දායකත්වය මත මෑතක දී විවෘත කළ බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය, කල්යාණි රන් පිවිසුම සහ මහනුවර නගර අපජල කළමනාකරණ ව්යාපෘතිය පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක්විය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්