Dec
5

“ඉදිරියේදී නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙත් දකින්නට ලැබේවි”

 
5759 Views
   
 

ප්රවීණ ප්රතිභාපූර්ණ කලාකරුවෙක් ලෙස ක්ෂේත්රය තුළ රැඳී සිටින ඔහු වේදිකාව තුළින් බිහි වූ නිහතමානී රංගධරයෙක්. මේ දිනවල රූපවාහිනී නාලිකාවක විකාශනය වන ටෙලි නිර්මාණ කිහිපයක එකිනෙකට වෙනස් විවිධ චරිත තුළින් ඔබ සමීපයට පැමිණෙන ඔහු නමින් ආනන්ද අතුකෝරල. 

කොහොමද මේ දවස් වල ජීවිතේ ? 

මේ දිනවල සාමාන්ය විදියට ජීවතේ ගත කරනවා. කොවිඩ් තත්වය නිසා යම් යම් ගැටළු තිබෙනවා. නමුත් ඒවාට මුහුණ දෙන්න අවශ්ය නිසා ආරක්ෂා සහිතව වැඩ කටයුතු කරගෙන යනවා.

 මේ දිනවල ඔබව සෑම නාළිකාවකින්ම පාහේ දැකගන්න පුළුවන් නේද ? 

මම හිතන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ නාඩගම්කාරයෝ සහ පාරදිගේ, ජාතිකරූපවාහිනියේ සකල ගුරු, ස්වාධීන රූපවාහිනියේ කොළඹ ඉතාලිය, දෙරණ නාලිකාවේ ඉස්කෝලේ යන ටෙලි නාට්ය තුළින් මාව දැකගත හැකියි. ඊට අමතරව හිරු නාලිකාවේ රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්යය සරත් චන්ද්රසිරි හිතවතා අසනීප වීම නිසා ඔහුගේ චරිතය භාරගන්න කියලා ඉල්ලීමක් ලැබුණා. ඉතින් ඒ චරිතයත් මේ දිනවල කරනවා.

මේ ජනප්රියත්වයේ රහස කුමක්ද ? 

කාරණා කිහිපයක් තිබෙනවා. පළමුවැන්න පොතපත සහ අත්දැකීම් ඇසුරින් රංගනය පිළිබඳ නිවැරදි හැදෑරීමක් මම කරලා තිබෙනවා. අනෙක් කාරණාව මගේ කාර්ය කුමක්ද යන්න තේරුම් ගෙන අනෙක් ශිල්පීන් සමඟ සහයෝගයෙන් එකමුතුව කටයුතු කිරීම. ඒ වගේම කැපවීම යන කරුණු ඊට හේතු කාරණා ලෙස දක්වන්න පුළුවන්. ඔබ ප්රහසන චරිත වගේම එකිනෙකට වෙනස් විවිධ චරිත නිරූපණය කරනු දක්නට ලැබෙනවා. කොහොමද සියල්ල සමබර කර ගන්නේ. වෘත්තීය රංගන ශිල්පියෙක් කියන්නේ ලැබෙන ඕනෑම චරිතයක් ප්රතිනිර්මාණය කළ හැකි කෙනෙක්. ක්රිස්ටි ෂෙල්ටන් ප්රනාන්දු මහත්මයා අධ්යක්ෂණය කළ කපිල කුමාර කාලිංග රචනා කළ “ජීවිත රෝදය” ඒකාංගික කතා මාලාවේ භව්ය සහ අභව්ය විවිධ චරිත විස්සක් පමණ නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ තුළින් මගේ හැකියාව පෙන්වන්න මට අවස්ථාවක් ලැබුනා. එම නිසා මගේ හැකියාව දැකපු අය මට විවිධ චරිත සදහා ආරාධනා කරනවා. ඇත්තටම මට ඒ ගැන සතුටුයි.

ඇතැම් රංගන ශිල්පීන් බොහොමයක් චෝදනාවක් කරනවා ඔවුන්ට ලැබෙන්නේ ප්රහසන චරිත පමණයි කියලා ?

ඔව් මට ඒ අවස්ථාව ලැබුණට සමහර ශිල්පීන්ට අවස්ථාව ලැබිල නැහැ. ඒක ඛේදවාචකයක්. ප්රහසන චරිත එකක් දෙකක් කරපු ගමන් ඔවුන් ප්රහසන රංගන ශිල්පීන් ලෙස රාමුවක කොටු වෙනවා. ප්රහසන සාර්ථකව නිරූපණය කරන නිසා ඔවුන්ගේ නම් ප්රහසන චරිත සඳහා වැඩි වශයෙන් යෝජනා වීමේ වරදක් කියන්නත් බැහැ. ඒ වගේම ප්රහසන චරිත දීර්ඝකාලීනව රඟපෑම තුළ නිරායාසයෙන් රංගන ශිල්පියා ප්රහසනයටම කොටුවෙනවා. ඉන්පසුව එතනින් එළියට පනින්න අපහසු වෙනවා. ඒ වගේම ප්රේක්ෂකයන් විසිනුත් රංගන ශිල්පීන්ව රාමුගත කරලා තිබෙනවා. උදාහරණයක් ලෙස ප්රහසන රංගන ශිල්පියෙක් වූ ඩී.ආර් නානායක්කාර එක් චිත්රපටයක දී ප්රථමයෙන් ප්රහසනයෙන් තොර තපස්වරයෙකුගේ චරිතයක් නිරූපණය කළා. ඔහු බොහොම සාර්ථකව චරිතය නිරූපණය කළ නමුත් චිත්රපටය නරඹන ප්රේක්ෂකයන් ඔහු දුටු පමණින් සිනහ වෙන්න ගත්තා. 

අමාරුවෙන් මිනිස්සුන්ව හිනස්සන්න යන බාල මට්ටමේ ප්රහසන නිර්මාණ දැන් දැන් දක්නට ලැබෙනවා නේද ? 

ඔව්. නිර්මාණකරුවන් විවිධ ඔවුන් අත්දැකීම් සහ අවබෝධය අනුව නිර්මාණ තුළ ඔවුන්ගේ අනන්යතාව මතුවන ආකාරය වෙනස්. ඒ වගේම රංගන ශිල්පියා පිටපතට අදාළව ප්රහසන නිරූපණය කිරීමයි කළ යුතු. පිටපතට එහා ගිහින් බොරුවට දඟලන්න ගියාම බුද්ධිමත් ප්රේක්ෂකයන්ට ඒ අතාත්වික රංගනයක් ලෙසට පෙනෙනවා. 

වේදිකාව තුළින් ඔබේ රංගන ජීවිතයට ලැබුණු පන්නරය ගැන කතා කළොත් ? 

රංගනය පාසලක් කරගත හැකි තෝතැන්නක් ලෙස වේදිකාව හැඳින්විය හැකියි. මාස ගණනක් දෙබස් පාඩම් කරමින් පෙර පුහුණුවීම් සිදු කිරීම, අධ්යක්ෂවරයා සමග සංවාදයේ යෙදීම, කණ්ඩායම සමග එක්ව අඩුපාඩු බෙදා ගැනීම වගේම වේදිකා නාට්යක් ප්රදර්ශනය කිරීමේදී ප්රේක්ෂකාගාරය සමඟ ගනුදෙනු කරන ආකාරය ආදී බොහොමයක් කරුණු කාරණා ඉගෙන ගැනීමට ලැබෙනවා. රංගනය හදාරන්න හොඳම තැන වේදිකාව. වේදිකා නළුවන් බොහෝ අත්දැකීම් ලත් අය. වේදිකාවෙන් බිහිවූ අය අනෙක් අයට වඩා විශේෂත්වයක් පෙන්නුම් කරනවා.

වසංගත තත්ත්ව සමඟ වේදිකාවේ අනාගතය ගැන ඔබ මොකද හිතන්නේ ? 

වේදිකාව කියන්නේ සජීවී ප්රේක්ෂකයා සමඟ සංවාද කරන හරවත් තැනක්. වේදිකා නාට්ය සංගීත සංදර්ශන ආදී බොහෝ කලා කටයුතුවලට බාධක පැන වෙලා තිබෙනවා. වේදිකා නාට්ය කරුවන්ට මෙය විශාල පහරක්. මේ තත්ත්වය ඉක්මනින් යහපත් අතට හැරෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 

අලුත් පරපුර ගැන මොකද හිතෙන්නේ ? 

ඉතා දක්ෂ සහජ දක්ෂතාවන් සහ රඟපෑම ගැන ඉවක් සහිත දක්ෂයන් පිරිසක් සිටිනවා. ඒ වගේම නිසි අධ්යයනයකින් සහ අවබෝධයකින් තොරව ක්ෂේත්රයට පැමිණි නිසි විනයක් නොමැති, කරන දෙය කැපවීමෙන් ගෞරවයෙන් නොකරන තරු සංකල්පය තුළින් බිහිවූ පිරිසකුත් සිටිනවා. ඔවුන් චරිත දහයක් රඟපෑවොත් දහයම එකම විදියයි. චරිත මතු කරන්න බැහැ. තමන්ව තමයි මතු වෙන්නේ. 

ප්රවීණත්වය සහ දක්ෂතාවයට අමතරව කලාකරුවෙක් බැබලෙන්න නිහතමානී ගුණයත් වැදගත් නේද ? 

අනිවාර්යෙන්ම කලාකරුවා කියන්නේ අනෙකාව සතුටු කරන දැනුවත් කරන පරාර්ථකාමී පුද්ගලයෙක්. ආත්මාර්ථකාමී කුහක මනුස්සයෙක්ට කලාකරුවෙක් වෙන්න අමාරුයි. සාමාන්ය ජීවිතයේදී අපි රඟපාන්නේ නැහැ. සාමාන්ය ජීවිතයේදිත් රඟපාන අයට කැමරාව ඉදිරියේදී හරියට රඟපාන්න අමාරුයි. ප්රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ප්රතිචාර ගැන කතා කළොත් අපි අවංකව අපේ කාර්යය කරන විට ප්රේක්ෂකයන් අපිට ආදරය කරනවා. ඔවුන්ගේ ආදරය ගෞරවය රැකගෙන කටයුතු කිරීම අපේ වගකීමක්. 

ඔබ Tiktok වීඩියෝ එහෙමත් කරනවා අපි දකිනවා. ඔබ තමන්ට වාරණ දාගෙන සිටින කෙනෙක් නෙවෙයි නේද ? 

මම පහළම මට්ටමේ දේවල් වලට සහභාගි වෙන්නේ නැහැ. ප්රේක්ෂකයන් විවිධ විදියට අපිව දකින්න කැමතියි. රසවින්දන වැඩසටහන් ආදිය වගේම මගේ දුව කරන Tiktok වීඩියෝ වලට මම පෙනී සිටිනවා. ඒකත් යම්කිසි රංගනයක් ඉරෙන් ගහගෙන කොටුවෙලා සිටින්න මම කැමති නැහැ. හැබැයි වෙළෙඳ දැන්වීම් සඳහා පෙනී සිටින විට නම් යම් කිසි සැලකිල්ලක් දක්වනවා. මොකද කාලයක් තිස්සේ අපි රැස්කරගත් ප්රේක්ෂක විශ්වාසය අඩු මුදලකට විකුණන්න මම කැමති නැහැ. 

ඔබ අධ්යක්ෂණයටත් අතගැසුවා නේද ? 

ඔව් මම ටෙලි නාට්ය තුනක් අධ්යක්ෂණය කළා. ටෙලි නාට්ය තුනම පිටපත රචනා කළේ මම. අධ්යක්ෂණයට අත ගැසූ පසු රංගන කටයුතු අතපසු වෙන නිසා රංගනයට මූලිකත්වයක් දෙන්න සිතුවා. 

ඉදිරි වැඩකටයුතු මොනවද ? 

Youtube Channel එකක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා. වේදිකාව ගැලපෙන්නෙ තරුණ ජවයක් තිබෙන අයට. එම නිසා අපේ වයසත් එක්ක වේදිකාවෙන් ටිකක් ඈත් වෙන්න කල්පනා කලා. ඊට අමතරව හොඳ නිර්මාණ සඳහා දායකත්වය සපයන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. 

පවුලේ විස්තර ? 

මගේ බිරිය නෙල්කා අතුකෝරල. මගේ සෑම කටයුත්තකදීම මට සහයෝගය ලබාදෙන්නේ ඇයයි. මගේ දුව ඉෂාරා අතුකෝරල. මේ වන විට ඇය ස්වර්ණවාහිනී නාළිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. ඇය කුඩා කාලයේ සිටම නිවේදන කටයුතුවලට තමයි කැමැත්තක් දැක්වූයේ. ඇයටත් රංගනයට ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් ඇයට තවම රංගනයට පිවිසෙන අදහසක් නැහැ. ඉදිරියේදී බලමු. 

 

කුෂාන්ති අනුරාධා බණ්ඩාර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්