Sep
14

මම ලොකුවට රාමුගත වෙලා වැඩ කරන කෙනෙක් නෙවෙයි, මම සාමාන්‍යයෙන් කළු චරිතවලට ආසයි – හසී ගුණරත්න

 
720 Views
   
 

දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන හසී රංගන ශිල්පිනියක් වීමේ අරමුණින් නිරූපණයට පිවිසෙනවා. නමුත් තවමත් ඇයට ඇගේ හීනය සැබෑ කරගන්නට වාසනාව උදා වී නැ හැ. කෙසේ වෙතත් ඇය ඇගේ හීනය සැබෑ කරගැනීමේ අරමුණින් තවමත් කටයුතු කරනවා.ඇය ගැන ඇය අපත් සමග කීවෙ මෙන්න මේ විදියට.

මගේ නම හසී ගුණරත්න. මගේ පදිංචිය මහරගම. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව රැකියාවක් කරනවා. මට අවුරුදු 15දී විතර ඉඳලා ක්ෂේත්‍රය ගැන ආසාවක් තිබුණා. හැබැයි මම මුලින්ම ෂූට් එකක් කළේ 2012දි. ක්ෂේත්‍රයට ආවේ ඒ කාලේදී. 2012 ඉඳලා මේ වෙනකල් දිගටම වැඩ කරනවා. ඇත්තටම මට වුවමනා වුණේ රංගන ශිල්පිනියක් වෙන්නයි. ඒ නිසාම තමයි මම නිරූපණයට එකතු වෙලා ඒ හරහා රංගනයට එන්න උත්සාහ කරන්නේ. හැබැයි මට නිරූපණ ක්ෂේත්‍රය තුළින් ඉස්සරහට යන්න හැකි වුණත් රංගනය තුළින් ලොකු අවස්ථාවක් තව වෙනතුරු ලැබිලා නැ හැ. මම පාසැල් කාලයේදී සංගීතය හැදෑරුවේ. මම බෑන්ඩ් එකේ පවා හිටියා. නමුත් මට නටන්න එහෙම පුළුවන්. ඒ දේවල් නිසා තමයි රංගන ශිල්පිනියක් වෙන්න ඕනේ කියන අදහස ආවේ. ඒ වගේම මම පොඩි කාලේ ඉඳලාම චිත්‍රපට බලනවා. ඒවාත් රංගන ශිල්පිනියක් වෙනවා කියන තැනට බලපෑවා.

ෆොටෝෂූට්, ෆැෂන් ෂෝ, ඉවෙන්ට්ස්වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම 2014 miss Sri Lanka miss earth රූ රැජින තරඟාවලියට සහභාගී වුණා. මම ආසම රංගන ශිල්පිනියක් වෙන්න. හැබැයි Concept Shootවලටත් කැමැත්තක් දක්වනවා. නිරූපණයට පිවිසෙන බොහෝ දෙනා රංගනයට එක් වෙනවා. ඒත් ඔබේ රංගන හීනය තවමත් සැබෑවෙලා නැ හැ. ඉතින් ඒ ඇයි කියලා අපි ඇයගෙන් ඇහුවා. ඇත්තටම ඒකට හේතුව මමත් දන්නේ නැ හැ. ඒක මගේ වෙලාව වෙන්නත් ඇති. 2017දි මට චිත්‍රපටයකට ආරාධනා ලැබෙනවා. එහි පුහුණුවීම්වලට පවා මම ගියා. පුහුණුවීම්වලදි අන තු රකුත් වුණා. නමුත් අන්තිමට ඒ චිත්‍රපටය කෙරුණේ නැ හැ. මම කැෂුවල් ෂූට් කරනවා. ඒත් මම Concept Shootවලට කැමතියි. මොකද නිකන්ම ෂූට් එකකට වඩා Concept Shootවල ආර්ට් එකක් තිබෙනවානේ. ඒ නිසා මම එවැනි නිර්මාණවලට කැමතියි.

වැඩකට ආරාධනා ලැබුනාම මුලින්ම බලන්නේ ඒක ඇත්තටම කරන වැඩක්ද කියලා. ඒ වගේම කන්සෙප්ට් එක, ලොකේෂන්, ශිල්පීන් කවුද කියලා බලනවා. මම ලොකුවට රාමුගත වෙලා වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒත් හොඳ නිර්මාණයක් නම් මම වැඩ කරනවා. ඒ වගේම මට චරිතයකට ආරාධනා ලැබුණොත් මම බලනවා ඒක කළු චරිතයක්ද සුදු චරිතයක්ද කියලා. මම සාමාන්‍යයෙන් කළු චරිත එහෙම නැත්නම් සැර චරිතවලට ආසයි. මම IT පිළිබඳව උපාධියක් හදාරා තිබෙනවා. ඒ වගේම මම IT, Branding, digital marketing අංශයේ රැකියාවක් කරනවා. ඒක මගේ රැකියාව විතරයි.

රැකියාවත් එක්ක ක්ෂේත්‍රයේ වැඩ කරන එක ඇත්තටම ටිකක් අමාරු වැඩක්. ගොඩක් වෙලාවට මම නිවාඩු අරගෙන තමයි නිර්මාණවලට දායක වෙන්නේ. රැකියාවකදී නිවාඩු ගන්න එහෙම අමාරුයිනේ. නමුත් මම ඒ දෙකම සමබරව, කළමණාකරණය කරගනිමින් කරගෙන යනවා. මම ඒ හීනය තවම අත් හැරලා නැ හැ. ඒකත් එක්ක තමයි මම ඉස්සරහට යන්නේ. එක පැත්තකින් පොඩි කලකිරීමක් තිබෙනවා ඇයි මෙච්චර කාලයක් ගිහිල්ලත් මට ඒක සැබෑ කරගන්න බැරි වුණේ කියලා. මොකද මම නිරූපණ ශිල්පිනියක් වීමේ අරමුණින් නෙවෙයි නිරූපණයට ආවේ රංගන ශිල්පිනියක් වෙන්නනේ. හැබැයි අන්තිමට මම නතර වුණේ නිරූපණ ශිල්පිනියක් වෙලා. මේ දවස්වල නම් කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැරිව ඉන්නේ. දැනට ෂූට් කිහිපයක් සැලසුම් කරගෙන තියෙනවා. ඒ ටික කරනවා. රංගනයට තමයි මම ආස. අළුතෙන් පටන් ගන්න ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ගැනත් සොයමින් ඉන්නවා.

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ජීවිතේ ගැලවුම්කාරයා මගේ තාත්තාව. ඒ වගේම පවුලේ අයවත් මතක් කරනවා. එතකොට ක්ෂේත්‍රයේදී මට හිතවත් වුණු මගේ යාළුවෝ හැම කෙනෙක්වම මතක් කරනවා. නම් වශයෙන් කිව්වොත් ලොකු පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම ආදරයෙන් ස්තූතියි කරනවා. (කැළුම් දේවින්ද)

 

17

 

16

 

15

 

14

 

13

 

12

 

11

 

10

 

9

 

8

 

7

 

6

 

5

 

4

 

3

 

2

 

1

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්