May
21

කලල්ගොඩ වෙලේකඩේ හන්දියේ වගා කළ හැකි සහ පුරන් කුඹුරු පස් දමා පුරවා විකිණීමේ ජාවාරමක් – ප්‍රදේශවාසීන්ගේන් චෝදනා

 
798 Views
   
 

තලවතුගොඩ හා ඒ අවට ප්‍රදේශයන්හි පුරන් වූ කුඹුරු පුරවා විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව චෝදනා නඟති. ඒ අනුව තලවතුගොඩ, කලගොඩ වෙලේකඩේ හන්දිය සහ පාසල් මාවත ප්‍රදේශවල වගා කළ හැකි සහ පුරන් වූ කුඹුරු පස් දමා පුරවා විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වන අතර, ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ද සහය ඒ සඳහා ලැබී තිබෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.

කෙසේ වුවද මෙම පුරන් කුඹුරු පස් දමා පුරවා විකිණීමේ ජාවාරම ඒ ප්‍රබල ලෙස කරගෙන යන අතර, ඒ සඳහා මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඇතැම් නිලධාරීන්ගේ සහයෝගයද ලැබී තිබේ. මෙසේ පුරන් කුඹුරු පස් යොදා පිරවීමෙන් ගංවතුරක් ඇති වීමේ අවදානමක් පවතින අතර, ඊට අමතරව මැසි මදුරුවන් බෝ වීම හේතුවෙන් ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීමේ අවදානමක්ද හට ගෙන ඇත. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිසිය, ගොවිජන සංවිධාන සහ දේශපාලන අධිකාරිය දැනුවත් කළද නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවට ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්