Jun
7

එකයි එකයි තුනයි – විවාහයෙන් පසුව චිලී එකපාරටම ෆේස්බුක් දැමූ ආන්දෝලනාත්මක ඡායාරූපය

 
2229 Views
   
One,-One,-Three---Controversial-photo-of-Chile-suddenly-posted-on-Facebook-after-marriage  

චිලී තිලංක ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ නව පරපුර නියෝජනය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙක්. හීන තටාකෙක, ඔබගෙන් තරම්, ලා රෝස, ටියුලිප් මල්කැකුළි වැනි ගීත තුළින් මෙරට තරුණ තරුණියන් ආකර්ෂණය කරගැනීමට ඔහු සමත් වුණා. වසර දාහතරක ආදර කතාව නිමා කරමින් පසුගිය මාර්තු 21 ඔහු කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී විවාහ වුණා. වසර දාහතරක ආදර කතාවකින් පසුවයි ඔහු විවාහ වුණේ.

චිලීගේ අතගත් යුවතිය නමින් රීනි හිමාෂා. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඉතාලියේ ජීවත් වුණු රීනි චිලී නිසාලු ලංකාවට පැමිණියේ.

විවාහ වී ඉතා සුළු කාලයක් ගතව තිබියදී චිලී පසුගියදා තම ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඒ ඔහුගේ බිරිඳත් සමඟයි. ඒත් විවාහය දා දුටු රීනී නම් නෙමෙයි ඒ ඡායාරූපයේ හිටියේ. ඇය ගැබිණියක්. කෙසේ වුවත් චිලී විවාහයෙන් පසුව කළ පුවත්පත් සාකච්ඡාවකදීත් කියා සිටියේ ඔහු විවාහ වූයේ දරුවෙක් හදන අරමුණෙන් කියලායි. එම පුවත්පත් සාකච්ඡාව පහතින් දැක්වෙයි.

චිලීගේ අතගත් යුවතිය නමින් රීනි හිමාෂා. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඉතාලියේ ජීවත් වුණු රීනි චිලී නිසාලු ලංකාවට පැමිණියේ.

විවාහ වී ඉතා සුළු කාලයක් ගතව තිබියදී චිලී පසුගියදා තම ෆේස්බුක් ගිණුමේ ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඒ ඔහුගේ බිරිඳත් සමඟයි. ඒත් විවාහය දා දුටු රීනී නම් නෙමෙයි ඒ ඡායාරූපයේ හිටියේ. ඇය ගැබිණියක්. කෙසේ වුවත් චිලී විවාහයෙන් පසුව කළ පුවත්පත් සාකච්ඡාවකදීත් කියා සිටියේ ඔහු විවාහ වූයේ දරුවෙක් හදන අරමුණෙන් කියලායි. එම පුවත්පත් සාකච්ඡාව පහතින් දැක්වෙයි.

චිලීගේ ආදර කතාව ගැන කියමු?

එයාව මට මුණගැහෙන්නේ මම ක්ෂේත්‍රයට ආවට පසුව. මගේ පළමු ගීතය නිර්මාණය කරපු කාලයේ ඉඳන් එයා මගේ රසිකාවියක්. එයා ලංකාවෙ නෙමෙයි හිටියේ. එයා මගේ පෙනුමට කැමති වෙලා මැසේජ් එව එවා හිටියා. මුලින්ම අපි දෙන්නාගේ යාළුකමක් විතරයි තිබුණේ. ඇය ලංකාවට ආවාම අපි දෙන්නා හඳුනගත්තා. මුලින්ම කෑමකට ගිහින් කතා කරලා තමයි ආදරේ කරන්න පටන්ගත්තේ. අපි අවුරුදු දාහතරක් ආදරේ කළා.

අවුරුදු දාහතරක් ආදරේ කරන්න පුළුවන්ද කියලා කවුරුහරි ඇහුවොත්?

ඔව්. පුළුවන්. ආදරෙයි විවාහයයි කියන්නේ දෙකක්. විවාහය කියන එක අපි දෙන්නාට නීතිමය බැඳීමක් විතරයි. ලංකාවේ තමයි විවාහය කියන දෙය ලොකුවට පිළිගන්නේ. රීනිත් යුරෝපයේ හැඳුණු නිසා විවාහය ගැන ලොකුවට තැකීමක් කළේ නැහැ. මේ අවුරුදු දාහතරට අපි ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කළා. විදෙස් රටවලටත් අපි දෙන්නා ගියා. මටත් දැන් අවුරුදු තිස්ගාණක් වෙනවා. එයාගෙත් වයස යනවා. යම් වගකීමක් තියෙන්න ඕනේ දෙන්නාටම. ඒ නිසයි අපි විවාහ වුණේ.

චිලී දැන් ස්වාමු පුරුෂයෙක්. ඉස්සර ගෙවපු නිදහස් ජීවිතය දැන් ගෙවන්න බැහැ?

ඔව්. ඒක ඇත්ත. වගකීමක් කියන්නේ මට ආසයි ඉක්මනට බබෙක් හදන්න. නැතිනම් අපරාදෙ අපේ කාලය නාස්ති වෙනවා. අපි ඉක්මනින්ම විවාහ වුණෙත් දරුවෙක් හදන්න ඕනේ නිසා. මම විවාහ වෙන්න හිතාගෙන හිටියේ මීට අවුරුදු දෙකකට කලින්. කොරෝනා ප්‍රශ්නයත් එක්ක ඒක කල් ගියා. ලොකුවට වගකීමක් කියලා ඔළුවට ගන්නේ නැහැ. මට ආපු ලාභ, ප්‍රසංශා, නින්දා, අපහාස හැම දෙයකදීම එයා මං එක්ක හිටියා. ඉස්සරහටත් ඉඳීවි. රීනි කවදාවත් මගේ නිදහස් ජීවිතයට බාධා කළේ නැහැ. ඉස්සර ගෙවපු සැහැල්ලු ජීවිතය දැන් ගෙවන්න බෑ, යම් වගකීමක් තියෙන බව ඇත්ත.

රීනිගෙන් ඔබේ වැඩකටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?

මම ව්‍යාපාරිකයෙක් වුණත්, ගායකයෙක් වුණත් එයා ඒක ලොකු තැකීමක් කරන්නේ නැහැ. මගේ වෘත්තීය ඇතුළේ මට ඕන නිදහස එයා දෙනවා. එයා මාව හොඳට තේරුම් අරගෙන ඉන්නේ. මම අවුරුදු දෙක තුන සින්දු නොකියා ඉන්නවා. එයා මගෙන් කවදාවත් ඒවා ගැන ප්‍රශ්න කරන්නේ නැහැ.

චිලී කියන ගායකයාව ගොඩක් දවසකින් අපි දැක්කේ නැහැ?

ගායකයෙක් වුණාම හැමදාම සින්දු කිය කියා ඉන්න ඕනේ කියලා එකක් මගේ නැහැ. මම ගීත කිහිපයක් කරල තියෙනවා. ඒවායින් හැදුණු ප්‍රේක්ෂකයින් පිරිසක් ඉන්නවා මට. මගේ සින්දුවලට ආදරය කරන ප්‍රේක්ෂකයන් හැමදාම ආදරය කරයි. නිර්මාණ කරමින් ප්‍රේක්ෂකයන් එක්ක දිගටම ඇලීගැලී ඉන්න ඕනේ කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් නැති වෙයි කියලා මට බයක් නැහැ. මගේ විවාහයත් එක්ක මම අලුත් සින්දුවක් එළිදැක්වුවා. රූපරචනාව එක්ක අලුත් සින්දුවකුත් ලබන සතියේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

ඉදිරි ඉලක්ක මොනවාද?

මේ ඉන්න විදිහටම සරලව ජීවත් වෙනවා. මට හඳ අල්ලන්න ඕනේ නැහැ. අන්තර් ජාතික වශයෙන් ජනප්‍රිය වෙන්නවත් තරුවක් වෙන්නවත් මට බලාපොරොත්තු නැහැ. බොහොම සරලව මගේ නිර්මාණ කටයුතු ටික කරගෙන මගේ පුංචි ප්‍රේක්ෂක පිරිස සමඟ ඉන්නයි ඕනේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්