Jun
17

දඹුලු ආර්ථිකයේ එළවලු මිල ඉහළට

 
1371 Views
   
 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම ආරම්භ කිරීමත් සමග ලැබෙන එළවළු ප්‍රමාණය,මිලදී ගැනුම් කරුවන් මෙන්ම එළවළු මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.

පසුගිය දින දඹුල්ල ආර්ථිකය වසා දමා තිබුණු අතර 17 හා 18 දෙදින විවෘත කළේය . දිවයින පුරා එළවළු වගා කල ගොවින් නිෂ්පාදන දඹුල්ලට රැගෙන විත් ආර්ථිකයට ඇතුලත් කර ගැනීමට නොහැකිව මහමග රදවා සිටින්නට විය.

ලැබෙන එළවළු ප්‍රමාණයට අධික මිලක් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දින පෙරවරුව වන විට කිලෝවක තොග මිල මෙසේ සටහන්ව තිබිණි.

බෝංචි 220 -250, ගෝවා 100 ත් 120 ත්, අමුමිරිස් 150ත් 200ත් , ලීක්ස් 140- 160 ත්, දඹල 150ත් 160ක් , කරවිල 280 -300 ත් , කැරට් 130- 150ත් ,වට්ටක්කා 35ත් 45ත් , මාළුමිරිස් 280- 300 පිපිඤ්ඤා 45 ත් 60 ත් වම්බටු 110 -140 මෑ කරල් 150 – 160 ලීක්ස් 140 ත් 160 ත්, පතෝල 80 -100 ,වැටකොළු 120 -140, එළබටු 200-220 නොකොල් 90 ත් 110 ත් ,අතර මිලයකට අලවි වන බව වෙළෙන්දෝ කියති .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දන් කියාසිටියේ මෙයාකාරයෙන් එළවළු මිල වැඩි වී ඇත්තේ එළවලු සදහා ඉහල ඉල්ලුමක් පවතින නිසා බවය. මිට වඩා වැඩි මිලකට සිල්ලරට එළවළු කිලෝවක් පාරිභෝගිකයන්ට ලබා ගැනීමට සිදුව තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් කියා සිටියේ එළවළු රැගෙන ගොස් සිල්ලරට අලවි කිරීම ඉතා අපහසු බවය. එනිසා ඉතා සීමිත ප්‍රමාණයක් රැගෙන යන බවද ඔවුන් පවසති.

ඉන්ධන මිල ඉහල යාම නිසා සංචාරක වෙළදාම සිදුකිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන බව කියති .

කාංචන ආරියදාස

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්