Nov
12

ඉදිකර වසර 07ක්වත් නෑ අටබාගේ දෙමහල් හෝටලය නායයයි – හාස්කමකින් ජීවිත 04 බේරෙයි

 
1114 Views
   
 

ගම්පොළ නුවරඑළිය මාර්ගයේ අටබාගේ පරදේශයේ සිදු වූ නාය යෑමකින් ව්යාපාරික දෙමහල් ගොඩනැඟිල්ලක් කඩා වැටී අටබාගේ ඔයට පෙරළී තිබේ.

පවතින අධික වර්ෂාව සමග පෙරේදා (10) රාතරී මෙම ගොඩනැඟිල්ල නාය ගොස් ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.

මෙහි හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි අයිතිකරු හා ඔහුගේ පුතා රාතරී හෝටලය වසා දමා එළියට පැමිණි පසු මෙම ගොඩනැඟිල්ල නාය ගොස් තිබේ. මේ දෙදෙනා එම හෝටලයට යාබද ඇති නිවෙසේ පදිංචිව සිටින අතර එම නිවසේද කොටසක් මෙම නාය යෑමට හසුව තිබේ.

මෙම සිද්ධියෙන් ගොඩනැගිල්ල කඩා වැටුණද මෙම දෙදෙනාට මෙන්ම නිවසේ සිටි තවත් දරුවකුට හා හෝටල් අයිතිකරුගේ බිරිඳට කිසිම අනතුරක් වී නැත.

මෙම නායයාම නිසා ගම්පොළ – නුවරඑළිය පරධාන මාර්ගය ද අටබාගේ පරදේශයෙන් පුපුරා ගොස් ඇත. ඒ නිසා වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ගම්පොල මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පරධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පවසයි.

නාය අවදානම් සමග එහි සිටින නිවැසියන් ද ඉවත් කළ බව පොලිසිය පවසයි. මෙම හෝටලය ඉදිකර වසර හතක්වත් නැති බවත් නිවස වසර සියයක් පමණ පැරණි බවත් හෝටලයේ අයිතිකරුගේ සොයුරු සනත් රණසිංහ මහතා පවසයි.

01.

02.

03.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්