Jul
17

මගේ ආදරේට වයස බාධාවක් නෑ මගේ ළමයින්ට බනින්න එපා සමිතා මුදුන්කොටුව කියන කතාව

 
5736 Views
   
 

සමිතා මුදුන්කොටුව කියන්නේ අපි හැමෝම දන්න දක්ෂ ගායිකාවක්නේ.ඉතින් ඇය ගැන නොදන්න කෙනෙක් නෑ.ලාංකීය ආදර ගීත අතර ඇයගේ සුමිහිරි හඩින් ගැයූ ගීත බොහොමයක් ජනප්‍රිය වුනා.සමහර ගීත අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රියයි.ඉතින් කාලෙන් කාලෙට සමිතා ගැන විවිධ කතා පැතිරුනා.ඇය මුලින්ම විවාහ වුනේ ජනප්‍රිය ගායන ශිල්පී සහ රංගන ශිල්පියෙක් වන අතුල අධිකාරි සමඟයි.ඔවුනට දරුවන් දෙදෙනෙකු සිටියදී අතුලගෙන් සමිතා වෙන්වෙනවා.ඊට පස්සේ කාලයක් සමිතා සිය දරුවන් දෙදෙනාත් සමඟ තනිවම කල් ගතකරනවා.තම දියණියත් මේ වන විට ගොඩක් ජනප්‍රිය ගායන ශිල්පිනියක්,රංගන ශිල්පිනියක් වගේම නිවෙදිකාවක්ද වනවා.ඉතින් මෑතකදී රටම කැලැබූ කතාවක් සමිතා ආශ්‍රයෙන් පැතිරුනා.ඒ ඇයගේ දෙවන විවාහයයි.ඇය විවාහ වන්නේ තම දරුවන්ගේ වයසේ සිටින තරුණයෙකු වීම එයට හේතුවයි.ඉතින් ඒ ගැන කාලයක් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුනා.ඉතින් ඒ වගේ දෙයක් මෑතකදීත් විවිධ සමාජ ජාලා ඔස්සේ අපට දැනගන්නට ලැබුනා.ඒ ඇය සමාජ මාධ්‍යකට නිකුත් කර තිබු වීඩියෝ එකක් නිසයි.ඇයගේ දෙවන විවාහය හේතුවෙන් සමාජයෙන් තම දරුවන්ට එලල වන බලපෑම් නිසා තමන් අසරණව සිටින බවත් එහිදී කියා තිබුනා.සමාජයෙන් එල්ල වුන විවේචන වලට ඇය මෙහෙමත් පිළිතුරු දී තිබුනා.

මගේ දරුවන් දෙන්න ගැන මම ගොඩක් සතුටු වෙනවා.මගේ පුතාට ගොඩ දෙනෙක් බැනල තිබුනා.සමහරු කියනවා මගේ වයස ප්‍රශ්නයක් නෙවෙයිද කියල,ඇත්තටම මටනම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි.මම හැමදේම කරන්නේ හොදට හිතල බලලා,මනුස්සකමින් හැමෝම අනිත් අය දිහා බලනවානම් ඒක තමයි මනුස්සකම කියන්නේ.සමහරු නම් මාව තේරුම් ගෙන හොද ප්‍රතිචාර ලබාදෙනවා.මට අනිත් අයට අගවන්න ඕනි මම කොහොමද සතුටින් ඉන්නේ කියල,මම පුංචි කාලයේ ඉදන්ම ඉතා සැප පහසුව හදුන වැඩුන කෙනෙක්.ඒ වගේම ඉගෙනුම පැත්තෙනුත් මම ඉහලටම ගියපු කෙනෙක්.මගේ අම්ම තාත්තා උනත් මට කියල දුන්නේ හැමෝගෙම සතුට වෙනුවෙන් සතුටින් හිනා වෙලා ඉන්න විදිහයි.ඉතින් මගේ බලාපොරොත්තුවත් ඒ විදිහට ඉන්නයි.ඉතින් මම හැමදාම වැඩකරන්නේ යහපත් සිතින්.මම හැමදාම දවස පටන් ගන්නෙත් සියලු ලෝක වාසීන්ට නිදුක් නිරෝගී වන්න කියල ප්‍රාර්ථනා කරලයි.බුදු හාමුදුරුවන්ටත් ප්‍රශ්න ගැටළු ආවනේ.ඉතින් එහෙම එකේ මට එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි කියලයි මමනම් හිතන්නේ.ඒ වගේම එන හැම ප්‍රශ්නයක්ම ප්‍රශ්න විදිහට හිතන්නෙත් නැහැ මම,ඒ වගේම ඒවා හැමතිස්සෙම ඔලුවේ තියාන විදව විදව ඉන්නෙත් නැහැ,එකයි මගේ විදිහ.ඒ වගේම මාව විවේචනය කරන කාටවත් මම වෛර කරන්නෙත් නැහැ.ඒ වෙලාවට හිනාවෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් මම කරන්න කියන්න යන්නෙත් නැහැ.

මට හොද දරු දෙන්නෙක් ඉන්නවා.ඒ වගේම හොද ආදරයක් තියනවා.ඒ හැමදෙයක් එක්කම මන් සතුටින් ඉන්න බලනවා.මම මේ වෙනකන් මගේ දරුවොත් එක්ක කවදාවත් මගේ ප්‍රශ්න කතාකරලා නෑ.දරුවෝ කියන්නේ ඒවා බෙදාගන්න පුළුවන් ය නෙවෙයි.එයාලා ලස්සනට හැදුවොත් එයාල අපිට කවදාහරි හොද විදිහට සලකයි.මම අදටත් මගේ දරුවෝ ගැන සතුටු වෙනවා.අපි මේ ඉන්නේ රගන වේදිකාවක් මත මේ නාට්‍ය ඉවරවුන ගමන් අපිට යන්න වෙනවා,කොයි වෙලාවේ අපිට යන්න වෙයිද දන්නේ නැහැ.ඉතින් මේ ඉන්න ටික කාලේදී අපි සතුටින් ඉන්න ඕනි.අනිත් එක මම වෙන කාගේවත් ගැන හොයන්න යන කෙනෙක් නෙවෙයි.මන් මගේ පාඩුවේ ඉන්න කෙනෙක්,ඉතින් මගේ වයස ගැන මටවත් මගේ දරුවන්ටවත්,සැමියටවත් ප්‍රශ්නයක් නෙවෙයි නම් අනිත් අයට එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?අපි හැමෝම වයසට යනවා.නමුත් අපිට පුළුවන් හිත තරුනව තියාගන්න.මම ගොඩක් පිං කරලා තියනවා මගේ ජිවිතේ ලස්සනට අරගෙන යන්න,එක මට සතුටක්.මට මගේ දරුවෝ දෙන්න ගැන ගොඩක් සතුටුයි.සමහරු මගේ දරුවන්ට දොස් කියනවා.නමුත් එයාල ශක්තිමත්.මන් එයාලට හොද අම්ම කෙනෙක් උනා.ඉතින් මන් කියන්නේ කවුරුවත් මගේ දරුවන්ට දොස් කියන්න එපා කියලයි.මොකද කර්මය කියන දේ බලගතුයි.ඉතින් ඒ නිසා ඔයාල හැමෝමත් සතුටින් ඉන්න.කවුරු මොනවා කිව්වත් මම ඉන්නේ සතුටින් කියලයි ඇය ඊයා සිටියේ.ඉතින් අයගේ ඉදිරි අනාගතේට සුබ පතන ගමන් සුන්දර චායාරූප පෙලකුත් ඔබ වෙත ගෙන එන්නට හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්