Jul
27

රිෂාඩ්ගේ නිවසේදී මි’යගිය ඉෂාලිනීගේ දේ’හය අද ගොඩගනී – සුසාන භූමියට විශේෂ ආරක්ෂාවක්

 
985 Views
   
 

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යේදී සිටියදී මි’යගිය බාල වයස්කාරියගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා අද (27) ගොඩගැනීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නිකුත් කළ නියෝගයකට අනුවයි. දේහය මිහිදන් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, පිලිස්සී මි’යගිය ඇය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා පත් කර ඇති විශේෂ පොලිස් කණ්ඩායම, ඇය පදිංචිව සිටි හැටන් ඩයගම ප්‍රදේශයට ගොස් විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජූඩ් නැමැති බාල වයස්කාරිය පිලිස්සී මි’ය යාම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුලු සිව්දෙනෙක් ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ නියෝග කළා.

ඒ අනුව, සැකකරුවන් නිරෝධායනය සඳහා යොමුකෙරුණේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙතයි. මි’යගිය බාලවයස්කාරියගේ දේහය යළි ගොඩගැනීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කළේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවතත් පශ්චාත් ම’රණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී ඉෂාලිනී ජූඩ් නමැති මෙම බාලවයස්කාර දැරිය මියයාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා දිඹුලවත්තේ වතුකම්කරුවන් මෙන්ම, මඩොල්කැලේ – මාවුස්සායායේ වතුකම්කරුවන් ද අද (27) විරෝධතාවයක නිරත වුණා.

මේ අතර, බස්නාහිර පළාත තුල වයස අවුරුදු 16ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදවා ඇත්ද යන්න පිළිබඳව විශේෂ බුද්ධි මෙහෙයුමක් අද සිට ක්‍රියාත්මක කරන අතර, ඒ පිලිබඳව තොරතුරු ඇත්නම් 0112 433 333 අංකයට තොරතුරු දැනුම් දිය හැකියි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්