Oct
30

ශාරුක් ඛාන්ගේ පුතුගේ ඇපයට අත්සන් කළ සුරූපි නිළිය කවුද ?

 
1201 Views
   
 

ම ත් ද්ර ව් ය චෝදනාව ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත්, ආර්යන් ඛාන් ඇප හිමි වීමෙන් පසු නිදහස්ව බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරනවා.

දින 22ක් ඔහු බන්ධනාගාර ගතව සිටි බවයි එරට මාධ්ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ 23 හැවිරිදි පුත් ආර්යන් ඛාන් මෙලෙස මුම්බායි හි ආතර් රෝඩ් බන්ධනාගාරයෙන් නිදහස් කරනු ලැබුවේ, ඔහුට ඇප ලබා දීමෙන් දින දෙකකට පසුවයි. 

මුම්බායි මහාධිකරණය විසින් ඔහු සම්බන්ධයෙන් වන ඇප ඉල්ලීම දෙවරක් ප්රතික්ෂේප කළත් පසුගිය බ්රහස්පතින්දා ඔහුට ඇප හිමිවුණා. 

ආර්යන්ගේ ඉන්දීය රුපියල් ලක්ෂයක ඇපයට අත්සන් තැබුවේ සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ සහෝදර නිලියක වන ජුහී චවුලා විසින්. 

ඇප කොන්දේසිවලට අනුව ආර්යන්ට මුම්බායි නගරයෙන් අවසරයකින් තොරව පිටවීමටද අවස්ථාව හිමිවන්නේ නැහැ. 

මීට අමතරව සෑම සෙනසුරාදා දිනකම ම ත් ද්ර ව් ය කාර්යාංශය වෙත වාර්තා කිරීමද අනිවාර්ය කර තිබෙනවා. ආර්යන් ඛාන් හට රටින් පිටවීමේ තහනම් නියෝගයක්ද මුම්බායි මහාධිකරණය විසින් පනවා තිබෙනවා. 

මේ අතර නිවෙස වෙත පැමිණි ආර්යන් ඛාන් මාස 02ක නිවාස අඩස්සියකට යටත් කරන බවයි සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහ ගෞරි ඛාන් ඉන්දීය මාධ්ය වෙත ප්රකාශකර ඇත්තේ. 

කෝඩේරියා කෘස් නම් නෞකාවේ ම ත් ද්ර ව් ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් ආර්යන් ඛාන් පසුගිය ඔක්තෝම්බර් 02 වන දින එරට ම ත් ද්ර ව් ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්